සුන්දර ස්ථානයකට සංචාරය කරන්න කැමති ඔයාට හොඳම තැනක් ගැන තමයි මේ කියන්න හදන්නේ. මේක තමයි ලෝකයේ විශාලතම වැලි දූපත. කලින් Fraser Island ලෙස හැඳින්වූ මේ දූපත මේ වෙනකොට බොහෝ දෙනා දන්නේ K’gari විදිහට.
විවිධ සුන්දර භූ දර්ශන සහ ස්වභාවික ආකර්ෂණයන්ගෙන් සමන්විත මේ දූපත අනිවාර්යයෙන්ම යා යුතුම තැනක්. සැතපුම් 76 (122km) ක් දිගකින් යුත් K’gari දූපත සශ්‍රීක වැසි වනාන්තර, පිරිසිදු විල් සහ නිමක් නැති වෙරළ තීරයන්ගෙන් සමන්විත වෙනවා. Queensland වල වෙරළ තීරයට ඔබ්බෙන් පිහිටා තිබෙන මේ දූපත වර්ග කිලෝමීටර 1840ක් වගේ භූමි ප්‍රමාණයක් පුරා විහිදෙනවා.
සුන්දර දූපත පුරා සෆාරියක් ගියත්, ඇස් අදහාගන්න බැරි දර්ශන සඳහා විශ්මිත ගුවන් ගමනක යෙදුනත්, සුදෝ සුදු වැලි සහිත වෙරළ තීරයේ විවේක ගත්තත්, K’gari ඔයාට වෙනස්ම සංචාරක අත්දැකීමක් එක් කරාවි.
K’gari යන්න හොඳම කාලය තමයි මේ. උණුසුම් වගේම වියළි කාලගුණයක් සහ අඩු ජනකායක් ඉන්න නිසා spring එකේ සැප්තැම්බර්-නොවැම්බර් තමයි K’gari යන්න හොඳම කාලය.
Address
K’gari QLD 4581