Summer එකට එන අලුත්ම අඹ වර්ගයක්

  • Home
  • /
  • News
  • /
  • Summer එකට එන අලුත්ම අඹ වර්ගයක්

මෙම ගිම්හානයේදී, ඈත උතුරු ක්වීන්ස්ලන්තයේ පමණක් සංවර්ධනය කරලා වගා කෙරූ අඹ වර්ගයක් supermarkets වලින් ලබාගන්න පුළුවන්.

දැන් Ruby Gold අඹ ලෙස හඳුන්වන මේ අඹ වර්ගය, Cairns හි බටහිර දෙසින් පිහිටි Dimbulah හි Palumbo පවුලේ ගොවිපලක Kensington Pride ගසක අත්තකින් වැඩෙමින් සොයා ගන්නා ලද අතර, පසුව එය බද්ධ කිරීමේ සහ සිටුවීමේ ක්‍රියාවලියට ලක් වුණා.

මේ අඹ වර්ගයටත් Kensington Pride වර්ගයට සමාන රසයක් තිබෙනවා. මේ අලුත් Ruby Gold ප්‍රභේදය ශාක අභිජනනය කරන්නන් සමඟ නිල වශයෙන් ලියාපදිංචි කර තිබෙනවා.

එයට ඇත්තෙන්ම ලස්සන රූබි, මෙරූන් පැහැයන්ට හුරු blush වර්ණයක් තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ කුඩා පරිමාණයෙන් අලෙවි වුණු මේ අඹ වර්ගය මෙම වසරේ විශාල වශයෙන් වෙළඳපොළට පැමිණෙනවා.

ඉතින් මේ summer එකේදී ඔයාටත් පුළුවන් මේ අඹ වර්ගය රස විඳින්න.

Don't forget to share this post!

Recent Posts

733
December 28, 2025