ඔයත් 2026 දී ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?
එහෙනම් ඔයා වෙනුවෙන් රජයේ immi.homeaffairs.gov.au වෙබ් අඩවියේ නිකුත් කරලා තිබෙන විශේෂ නිවේදනය ගැනයි මේ කියන්නේ.
ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ඔයාගේ සම්පූර්ණ student visa application එක, හැකි ඉක්මනින් ඉදිරිපත් කරන ලෙස ඒ මගින් දන්වා තිබෙනවා.
Lodging complete යන්නෙන් අදහස් වෙන්නේ ඔයා Document Checklist Tool එකේ මාර්ගෝපදේශ අනුගමනය කර තිබෙන බව. ඔයා ImmiAccount එක හරහා ඔබේ අයදුම්පත ඉදිරිපත් කරන අතරතුර මෙය කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ අයදුම්පතට සහාය වීමට ඉල්ලා සිටින සියලුම සාක්ෂි ඇතුළත් කරන්නත් අමතක කරන්න එපා.
අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් වගේම ප්‍රමාද වෙන්නත් පුළුවන්. peak periods වලදී ලැබෙන අයදුම්පත් සැකසීමට වැඩි කාලයක් ගත වන බවත් ඔවුන් දන්වලා තිබෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීම වගේම සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීමත් වැදගත්.
මේ සඳහා ඔයාට අවශ්‍ය මග පෙන්වීම සහ සහය ලබාදිය හැකි links කිහිපයක් immi.homeaffairs.gov.au වෙබ් අඩවියේ දක්වලා තිබෙනවා. ඒ ඇතුළු වැඩිදුර තොරතුරු දැනගන්න පහත link එකෙන් රජයේ immi.homeaffairs.gov.au වෙබ් අඩවියට පිවිසෙන්න.
https://immi.homeaffairs.gov.au/news-media/archive/article?itemId=1370