තුන් කොන් සටනේ ශ්‍රී ලංකාව ලැබූ පළමු ජය

  • Home
  • /
  • Sports
  • /
  • තුන් කොන් සටනේ ශ්‍රී ලංකාව ලැබූ පළමු ජය

පාකිස්තානය, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන් කොන් T20 තරඟාවලියේ 5 වන තරඟය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වුණා. ඒ පාකිස්තානයේ Rawalpindi ක්‍රීඩාංගනයේ දී.

මීට පෙර සිම්බාබ්වේ සහ පාකිස්ථාන කණ්ඩායම් සමග පැවති තරඟ ද්විත්වයම පරාජය වීම නිසා මේ තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට වැදගත් වුණා.  

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 146ක් රැස් කළා. පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ මහීෂ් තීක්‍ෂණ කඩුළු 2 බැගින් දවා ගත් අතර දසුන් ශානක එක් කඩුල්ලක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දු වාර 16යි පන්දු 2කදී 1 කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ලකුණු 148 වාර්තා කළා. පැතුම් නිස්සංක පන්දු 58කදී නොදැවී ලකුණු 98ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 25යි.

මේ වන විට ලකුණු පුවරුවේ පෙරමුණේ සිටින්නේ සහභාගී වූ තරඟ 3න් 3ම ජයග්‍රහණය කළ පාකිස්තානයයි. තරඟ 4න් 1 ක් ජයග්‍රහණය කළ සිම්බාබ්වේ 2වෙනි ස්ථානයේ පසු වෙන අතර තරඟ 3න් 1ක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව 3වන ස්ථානයේ පසු වෙනවා. 

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරඟය හෙට පැවැත්වෙන අතර අවසන් තරඟයට සුදුසුකම් ලැබීම සඳහා හෙට තරඟය ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. 

Image credit: www.ndtvprofit.com 

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025