වසර 10,000 කට පසු ප්‍රථම වරට ඉතියෝපියාවේ ගිනි කන්දක් පුපුරා ගොස් ඇති අතර, එය ඝන දුමාරයක් සහ අළු අහසට එක් කිරීම හේතුවෙන් ඉන්දියාවේ සැතපුම් දහස් ගණනක් ඈතින් ගුවන් ගමන් වලට පවා බලපෑම් ඇති වී තිබෙනවා.
ඉතියෝපියාවේ ඊසාන දෙසින් පිහිටි Afar කලාපයේ දිගු කලක් නිද්‍රාශීලීව පැවති Hayli Gubbi ගිනි කන්ද ඉරිදා සක්‍රීය වූ අතර අසල්වැසි ගම්මාන දූවිලි වලින් වැසී ගොස් ගොවීන්ට ද බාධා ඇති කළා.
කිසිදු හානියක් වාර්තා වී නොමැති වුණත්, පිපිරීම නිසා අවට තණබිම් වලට හානි සිදු වීමෙන් දේශීය පශු සම්පත් පාලකයින්ට තර්ජනයක් එල්ල කරන බව ප්‍රාදේශීය පරිපාලක Mohammed Seid, Associated Press වෙත පැවසුවා.
පිපිරීම සිදු වූ මොහොතේ භයානක පිපිරීමක් ඇසුණු බව පදිංචිකරුවන් පවසා තිබුණා.
චන්ද්‍රිකා වලින් පිපිරීම දැකගත හැකි වූ අතර, නාසා රූපවලින් ඝන දූවිලි අහසට නැඟී රතු මුහුද හරහා පැතිර යන ආකාරය පෙන්නුම් කෙරෙනවා.
Toulouse Volcanic Ash Advisory Center එකට අනුව, පුපුරා යාමෙන් ඇති වූ ගිනිකඳු වලාකුළු යේමනය, ඕමානය සහ පකිස්ථානය සහ ඉන්දියාවට පාවී ගොස් තිබෙනවා.
සඳුදා අගභාගයේදී අළු එහි ගුවන් කලාපයට ඇතුළු වීමෙන් පසු පකිස්ථාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණා.
ඉන්දියාවේ, එයාර් ඉන්දියා ගුවන් සේවය හේලි ගුබ්බි ගිනිකඳු පිපිරීමෙන් පසු ඇතැම් ස්ථාන හරහා පියාසර කරන ගුවන් යානා සඳහා පූර්වාරක්ෂාව පරීක්ෂා කිරීමට දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් කිහිපයක් අවලංගු කළ බව දක්වා තිබුණා.
ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) පැවසුවේ අළු ඉහළ උසකට පාවෙන බැවින් දැනටමත් දැඩි වායු දූෂණයක් අත්විඳින දිල්ලි නගරයට මෙය සැලකිය යුතු ලෙස බලපානු ඇතැයි අපේක්ෂා නොකරන බවයි.
Addi Ababa අගනුවර සිට 800km ක් (සැතපුම් 500) පමණ ඊසාන දෙසින් පිහිටා ඇති Hayli Gubbi යනු ඉතියෝපියාවේ Afar කලාපයේ ගිනිකඳු දාමයක් වන Erta Ale කඳුවැටියේ දකුණු දෙසින් පිහිටි ගිනි කන්දයි.
එය 500m ක පමණ උසකට නැඟී ඇති අතර භූ තැටි දෙකක් හමුවන දැඩි භූ විද්‍යාත්මක ක්‍රියාකාරකම් කලාපයක් තුළ පිහිටා තිබෙනවා.