විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයින්ට සහ විදේශිකයන්ට රටේ වත්මන් ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූවන් සඳහා සහන සැලසීමේ කටයුතු සඳහා දායක විය හැකි බව රජය නිවේදනය කර තිබෙනවා.
නම් කරන ලද බැංකු ගිණුම් පිළිබඳ විස්තර විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල (Sri Lankan diplomatic missions) සහ ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ දූත මණ්ඩලවල ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසූ අතර, මෙම ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා දේශීය මුදල් සහ ඇමරිකානු ඩොලර් යන දෙකෙන්ම පරිත්‍යාග භාර ගැනීම සඳහා වෙනම ගිණුම් දෙකක් ස්ථාපිත කර ඇති බව දැනුම් දී තිබෙනවා.
මෙම තොරතුරු ඊයේ (28) දින, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරුන් සහ විදේශයන්හි සේවය කරන ශ්‍රී ලංකා තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී දැනුම් දුන්නා.
අද දින (29) රජය විසින් යාවත්කාලීන කරන ලද ගෙවීම් විස්තර නිකුත් කර තිබෙනවා.
ජාතික සහන සේවා ක්‍රියාත්මක වන අතරතුර නම් කරන ලද මහ බැංකු ගිණුම් වෙත අරමුදල් මාරු කිරීමේදී ඇතැම් දායකයින්ට දුෂ්කරතා ඇති වී ඇති බැවින්, ආපදා සහන දායක මුදල් සඳහා යාවත්කාලීන ගෙවීම් උපදෙස් රජය විසින් අද දින (29) නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසනවා.
එලෙස නිකුත් කළ නවතම බැංකු ගිණුම් විස්තර www.dailymirror.lk වෙබ් අඩවිය දක්වා තිබුනේ පහත අයුරින්.
පරිත්‍යාග බාධාවකින් තොරව ලැබීම සහතික කිරීම සඳහා, එවැනි ගැටළු වලට මුහුණ දෙන පරිත්‍යාගශීලීන්ට ඔවුන්ගේ දායක මුදල් පහත සඳහන් ලංකා බැංකු ගිණුමට ශ්‍රී ලංකා රුපියල් වලින් යොමු කරන ලෙස උපදෙස් දී තිබෙනවා.
Account Name: Deputy Secretary to the Treasury
Account Number: 2026450
Bank: Bank of Ceylon
ඊට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ මුදල් ගිණුම්වලට සෘජුවම දායක මුදල් ගෙවීමට කැමති පරිත්‍යාගශීලීන්ට පහත දක්වා ඇති ගිණුම් වෙත ලබා දිය හැකියි.
1. US Dollar (USD)
Bank: Deutsche Bank Trust Company Americas, New York, USA
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 04015541
Routing Number: 021001033
SWIFT: BKTRUS33XXX
2. Euro (EUR)
Bank: ODDO BHF Bank, Frankfurt am Main, Germany
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 0000739854
IBAN: DE39500202000000739854
SWIFT: BHFBDEFF500
3. Pound Sterling (GBP) – Account 1
Bank: HSBC Bank Plc, London, UK
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 39600144
Sort Code: 40-05-15
IBAN: GB48MIDL40051539600144
SWIFT: MIDLGB22XXX
4. Pound Sterling (GBP) – Account 2
Bank: Bank of Ceylon (UK) Ltd, London, UK
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 88001249
Sort Code: 40-50-56
IBAN: GB89BCEY40505688001249
SWIFT: BCEYGB2LXXX
5. Japanese Yen (JPY)
Bank: MUFG Bank, Tokyo, Japan
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 653-0407895
SWIFT: BOTKJPJTXXX
6. Australian Dollar (AUD)
Bank: Reserve Bank of Australia
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 81736-4
BSB: 092002
SWIFT: RSBKAU2SXXX
වැඩිදුර සහාය සඳහා ස්ථාපිත සන්නිවේදන මාර්ග හරහා අදාළ බලධාරීන් සම්බන්ධ කර ගැනීමට පරිත්‍යාගශීලීන්ට උපදෙස් ලබා දී තිබුණා.
ඉතින් ඔබේ මව්බිමට උපකාර අවැසිම වන මේ මොහොතේ, සහය ලබා දීමට කැමතිනම් ඒ පිළිබඳ යාවත්කාලීන කරන ලද තොරතුරු නිසි පරිදි සොයා බලා ඔබේ වටිනා දායකත්වය ලබා දෙන්න.
Image credit: www.lemonde.fr