පිටරට සිට එවන ආධාර කළමනාකරණයට හා ඥාතීන් සම්බන්ධ කරන විශේෂ ඒකකයක්

  • Home
  • /
  • News
  • /
  • පිටරට සිට එවන ආධාර කළමනාකරණයට හා ඥාතීන් සම්බන්ධ කරන විශේෂ ඒකකයක්

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින හදිසි ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහය වීමට විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන්, ශ්‍රී ලංකා දූත මණ්ඩල, සහ අනෙකුත් පාර්ශවකරුවන් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටිනවා.
මෙලෙස විදේශයන්ගේ සිට ලැබෙන සහන සේවා කළමනාකරණය කිරීමට වගේම විධිමත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මූලිකත්වයෙන් හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.
ඔබ ලබාදෙන සියලුම අධාර පීඩාවට පත් ජනතාවට ලබාදෙන බවත් එහි වින්විදභාවය සහතික කරන බවත් එම අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.
ආධාර කළමනාකරණයට අමතරව විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට ආපදාවන්ගෙන් පීඩාවට පත් ඥාතීන් සමග සම්බන්ධ වීමටත් මෙම ඒකකය සම්බන්ධීකරණ ස්ථානයක් ලෙස ක්‍රියා කිරීමට සූදානම්.
මෙම හදිසි සම්බන්ධීකරණ ඒකකය ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය, ආරක්ෂක අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ ආයතන සමඟ එක්ව කටයුතු කරන අතර අවශ්‍යතා ඇති පිරිස් වෙත ජාත්‍යන්තර සහයෝගය වගේම විදේශයන්ගේ සිටින ආධාරකරුවන්ගේ සහයෝගයත් ඉක්මනින් හා කාර්යක්ෂමව ලබා දීමට මෙය මැදිහත්ව කටයුතු කරන බවත් අමාත්‍යංශ නිවේදනයේ සඳහන්.

Image credit: sinhala.news.lk

Don't forget to share this post!

Recent Posts

733
December 28, 2025