බැති සිතින් පෙළ ගැසෙන උඳුවප් පොහොයේ වැදගත්කම

  • Home
  • /
  • Blog
  • /
  • බැති සිතින් පෙළ ගැසෙන උඳුවප් පොහොයේ වැදගත්කම

බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් පොහොයක් වන උඳුවප් පුන් පොහොය අදයි. 

උඳුවප් පොහොයේ සිදුවූ වැදගත්ම සිදුවීම් වන්නේ ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය පිහිටුවීම සහ මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩමවීමයි.

මහානාග යුවරජුගේ බිසව වූ අනුලා දේවිය ඇතුළු ස්ත්‍රීන් පැවිදි බව ලැබීමට කළ ඉල්ලීම මුල් කරගෙන මිහිඳු මහා රහතන් වහන්සේගේ උපදෙස් පරිදි දේවානම්පියතිස්ස රජතුමාගේ ඉල්ලීම රැගෙන ඉන්දියාව බලා දූත පිරිසක් ගමන් කළ අතර එහිදී ඔවුන් ධර්මාශෝක රජු හමු වී එම ඉල්ලීම ඉදිරිපත් කළා. 

ඒ අනුව භික්ෂුණී ශාසනය පිහිටුවීම පිණිස සංඝමිත්තා මහා රහත් තෙරණිය ඇතුළු පිරිස මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ද රැගෙන ලංකාවට පැමිණීම නිසා මේ පොහොය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා සුවිශේෂී ස්ථානයක් සටහන් කරනවා.

අනුරාධපුර මහමෙව්නා උයනේ අදටත් වැඩ සිටින ජය සිරි මහා බෝධිය ලොව පුරා බෞද්ධයින්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වන අතර එය ලොව මිනිසකු විසින් සිටවනු ලැබූ බවට වාර්තා වන පැරණිම ගස ද වෙනවා.

සිරිපා කරුණා කිරීම ආරම්භ කෙරෙන පොහොය වන්නේ ද උඳුවප් පොහොයයි.

Image credit: buddhism2600.blogspot.com 

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025