පවතින හදිසි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට 3 වන මට්ටමේ ඉවත් වීමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට, හාරිස්පත්තුව, දොලුව, තුම්පනේ, පූජාපිටිය, උඩුනුවර, ගඟවට කෝරලය, අකුරණ, මිනිපේ, උඩපලාත, හතරලියද්ද, කුණ්ඩසාලේ, පාත දුම්බර, පන්විල, මැදදුම්බර, උඩුකුඹුර, දෙල්තොට, පස්බාගේ කෝරලේ, යටිනුවර සහ ගඟ ඉහළ කෝරලේ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම ඉවත් වීමේ රතු නිවේදනය අදාළ වෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, අරණායක, ගලිගමුව, රඹුක්කන, බුලත්කොහුපිටිය, යටියන්තොට, මාවනැල්ල සහ කෑගල්ල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, පොල්ගහවෙල, මල්ලවපිටිය, අලව්ව සහ මාවතගම යන ප්‍රදේශවලටත් ඉවත් කිරීම අදාළ වෙනවා.
මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, මාතලේ, අඹන්ගඟ කෝරළය, පල්ලෙපොල, ලග්ගල පල්ලේගම, රත්තොට, නාඋල, උකුවෙල සහ විල්ගමුව යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය ද මීට අයත්.
බදුල්ල, කුරුණෑගල, නුවරඑළිය, රත්නපුර, ගාල්ල, ගම්පහ සහ මොනරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසා තිබුණා.
Image credit: nbro.gov.lk