Visa පහසු කරන Australian Immi App එක රටවල් 34කට

  • Home
  • /
  • Blog
  • /
  • Visa පහසු කරන Australian Immi App එක රටවල් 34කට

Australian Immi App එකේ නවතම ව්‍යාප්තියත්  සමග ලොව පුරා සිටින වීසා අයදුම්කරුවන්ට දැන් වඩාත් පහසුවෙන් ඕස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කළ හැකියි.

සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට දැන් Australian Immi App එක භාවිතයෙන් ඔවුන්ගේ facial biometrics සහ විදේශ ගමන් බලපත්‍ර තොරතුරු smartphones වලින් ඉදිරිපත් කළ හැකි අතර, biometric collection centres වෙත යාම අවශ්‍ය  නැහැ. 

App එක භාවිතා කිරීමට කිසිදු ගාස්තුවක් අය නොකරන බැවින් Australian Immi App එක වීසා අයදුම්පත්‍රයක් හා සම්බන්ධ පිරිවැය ද අඩු කරනවා. මේ App එක භාවිතා කිරීමට සුදුසුකම් ලැබීමට, සේවාදායකයින්, කලින් ඔවුන්ගේ biometrics (facial image සහ fingerprints) දෙපාර්තමේන්තුවට ලබා දී තිබිය යුතු අතර වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබිය යුතුයි.

2025 නොවැම්බර් 24 වන දින සිට, ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තවත් රටවල් 19 ක App එක හඳුන්වා දුන් අතර, ඒ අනුව සහාය දක්වන මුළු රටවල් සංඛ්‍යාව 34 දක්වා ගෙනවිත් තිබෙනවා.

Australian Immi App එක ලබා ගත හැකි රටවල්

නොවැම්බර් 24 වන දින සිට, පහත සඳහන් රටවල සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට Australian Immi App එක භාවිතා කිරීමට හැකි වෙනවා.

  • Algeria
  • Bahrain
  • Colombia
  • Egypt
  • Fiji
  • France
  • Greece
  • Hong Kong (Special Administrative Region of the People’s Republic of China)
  • Iran
  • Iraq
  • Jordan
  • Kuwait
  • Lebanon
  • Malaysia
  • Mexico
  • New Zealand (third-country nationals)
  • Oman
  • Pakistan
  • Papua New Guinea
  • Peru
  • Philippines
  • Qatar
  • Samoa
  • Saudi Arabia
  • Singapore
  • Solomon Islands
  • South Africa
  • South Korea
  • Thailand
  • Tonga
  • Türkiye
  • Tuvalu
  • United Arab Emirates
  • Vanuatu

Australia’s biometric collection program එක යටතේ ඉතිරි සියලුම රටවලට 2026 මුල් භාගය වන විට මෙම සේවාව දීර්ඝ කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙම අලුත් App එක සමග එකතු වීම සම්බන්ධයෙන් සියලුම අයදුම්කරුවන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ස්තූති කරන අතර 2026 දී යෙදුමේ ප්‍රවේශය තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා. වැඩි පිරිසකට සහ තවත් ස්ථානවලට ඕස්ට්‍රේලියාවේ වීසා පද්ධතියට පහසු ප්‍රවේශයක් ලබා දීම එහි අරමුණයි.

කෙසේ වෙතත් තවමත් ශ්‍රී ලංකාව මෙම රටවල් 34 අතර දක්නට ලැබෙන්නේ නැහැ.

Don't forget to share this post!

Recent Posts

771
January 28, 2026