අලුත්ම වාර්තාව කියන ආපදාවේ දරුණුතම හානිය

  • Home
  • /
  • News
  • /
  • අලුත්ම වාර්තාව කියන ආපදාවේ දරුණුතම හානිය

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳ නවතම වාර්තාවක් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති අතර ඊට අනුව සම්පූර්ණයෙන් විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 5,325ක්. 

එයින් වැඩිම සංඛ්‍යාව වන නිවාස 1,815ක් වාර්තා වෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන්. දෙවැනියට වැඩිම සංඛ්‍යාව වන 767 නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා. 

ඒ අනුව;

  • මහනුවර – 1,815
  • නුවරඑළිය – 767
  • කුරුණෑගල – 467 
  • පුත්තලම – 415 
  • බදුල්ල – 404 
  • කෑගල්ල – 300 

වශයෙන් එක් එක් දිස්ත්‍රික්ක වලින් සම්පූර්ණයෙන් විනාශ වුණු නිවාස වාර්තා කර තිබෙනවා.

වැඩිම අර්ධ වශයෙන් හානි වී ඇති නිවාස සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද මහනුවර දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව;

  • මහනුවර – 13,422
  • කෑගල්ල – 11,601
  • රත්නපුර – 7,869
  • බදුල්ල – 7,291
  • ගම්පහ – 5,830
  • පුත්තලම – 4,809
  • වව්නියාව – 4,135
  • නුවරඑළිය – 3,742
  • කුරුණෑගල – 3,600
  • පොළොන්නරුව – 3,526
  • අනුරාධපුර – 2,249

වශයෙන් එක් එක් දිස්ත්‍රික්ක වලින් අර්ධ වශයෙන් හානි වූ නිවාස වාර්තා වෙනවා. 

ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක් වූ වැඩිම පවුල් සහ පුද්ගලයින් සංඛ්‍යාව පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා. ඒ අනුව;

  • පුත්තලම – පවුල් 98,146ක පුද්ගලයින් 349,429  
  • කොළඹ – පවුල්  85,803ක පුද්ගලයින් 328,847
  • මහනුවර – පවුල්  51,098ක පුද්ගලයින් 161,140
  • ත්‍රිකුණාමලය – පවුල් 25,999ක පුද්ගලයින් 86,376
  • කුරුණෑගල – පවුල් 25,055ක පුද්ගලයින් 85,891
  • මන්නාරම – පවුල් 23,641ක පුද්ගලයින් 77,451
  • මුලතිව් – පවුල් 22,918ක පුද්ගලයින් 67,340
  • අනුරාධපුර – පවුල් 21,948ක පුද්ගලයින් 72,359

වශයෙන් එක් එක් දිස්ත්‍රික්ක වලින් වැඩිම බලපෑමට ලක් වූවන් ලෙස වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 9 වන විට ආපදා මරණ 638ක් වාර්තා වන අතර අතුරුදහන් පුද්ගලයින් සංඛ්‍යාව 191ක්.

 

Image credit: www.dmc.gov.lk

Don't forget to share this post!

Recent Posts

771
January 28, 2026