ඕස්ට්‍රේලියාවේ Work From Home Jobs වල අලුත් කතාව

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ Work From Home Jobs වල අලුත් කතාව

නිවසේ සිට වැඩ කරන ඕස්ට්‍රේලියානුවන් සෑම දිනකම වැටුප් රහිතව අමතර පැයක් වැඩිපුර වැඩ කරන බව හෙළි වී තිබෙනවා.

Australian Bureau of Statistics (ABS) හි Time Use Survey එකට අනුව, නිවසේ සිට වැඩ කරන අය සෑම දිනකම වැටුප් රහිත වැඩ කටයුතු සඳහා පැයක් වැඩිපුර ගත කරනවා.

දරුවන් බලා ගන්නා අතරතුර meetings වලට සහභාගී වීමෙන් සහ emails වලට පිළිතුරු දීමෙන්, නිවසේ සිට වැඩ කරන ජීවන රටාවේ ප්‍රතිලාභ නොගෙවන ශ්‍රමය මගින් අසාදාරණයට ලක් වෙනවා.

නිවසේ සිට වැඩ කිරීමේ සමහර සැඟවුණු වරප්‍රසාද ද සමීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා.

ABS දත්ත මගින් පෙන්නුම් කළේ නිවසේ සිට වැඩ කළ අයට පුද්ගලික සේවකයින්ට වඩා විනාඩි 30 ක නිදහස් කාලයක් තිබෙන බවයි.

ප්‍රතිඵලවලින් පෙනී ගියේ විශේෂයෙන් ඕස්ට්‍රේලියානුවන්ගෙන් එක් කණ්ඩායමක් ඉතා කාර්යබහුල බවයි.

නිවසේ සිට වැඩ කරන කාන්තාවන්ට විශේෂයෙන් කාලය අඩු වන අතර පිරිමින්ට වඩා වැටුප් රහිතව අමතර විනාඩි 45 ක් වැඩ කිරීමට සිදුව තිබෙනවා.

සාමාන්‍යයෙන් කාන්තාවන්ට කාලය ඉතිරිව තිබුණේ අඩුවෙන්. ගෙදර දොරේ වැඩ, ඉවුම් පිහුම් සහ ළමයින් රැකබලා ගැනීම වැනි කටයුතුවල නියැලෙන අතර, අම්මලා තාත්තලාට වඩා පැයක් වැඩිපුර කුඩා දරුවන් වෙනුවෙන් ගත කරන බව සංඛ්‍යාලේඛනවලින් පෙනී ගියා.

සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ දෙමාපියන් බොහෝ විට බහු කාර්යයන් කරන බවත්, දරුවන් රැකබලා ගන්න අතරම තවත් ක්‍රියාකාරකමක් කරන බවයි.

සියලුම ඕස්ට්‍රේලියානුවන් සඳහා වඩාත් ජනප්‍රිය නිදහස් කාලය වූයේ රූපවාහිනිය නැරඹීම හෝ streaming නැරඹීමයි. සාමාන්‍ය ඕස්ට්‍රේලියානුවන් දිනකට පැය 3 කට වඩා අඩු කාලයක් රූපවාහිනියට වෙන් කර තිබෙනවා.

සමාජ මාධ්‍ය අපගේ නිදහස් කාලයෙන් විශාල කොටසක් ලබා ගෙන තිබුණත්, පුද්ගලයන් සමාජගත වීම තවමත් වඩාත් හොඳ මට්ටමක පවතිනවා. ප්‍රතිචාර දැක්වූවන් පැය එකහමාරක් අන්තර්ජාලය තුළ ගත කරන අතර ඊට සාපේක්ෂව සහකරුවන් සමඟ පැය 2 කට වඩා ගත කරන බව හෙළි වී තිබුණා.

ඕස්ට්‍රේලියානුවන්ගෙන් 1/3ක් කාලය කළමනාකරණය සඳහා කලබලකාරී බවක් හෝ පීඩනයට ලක් වූ බවක් වාර්තා කළ අතර ඔවුන් රැකියාව සහ පවුල සමතුලිත කිරීමට අරගල කරන බව පවසා තිබුණා.

වයස අවුරුදු 15-24 අතර තරුණයින් සඳහා, console වීඩියෝ ක්‍රීඩා සහ ජංගම ක්‍රීඩා විශාලතම කාලය නාස්ති කරන ක්‍රමයක් වූ අතර, තරුණයින් දිනකට පැය 4 කට ආසන්න කාලයක් සහ තරුණියන් දිනකට පැය 2 හමාරක් පමණ gaming සඳහා ගත කරනවා.

කෙසේ වෙතත් මේ සමීක්ෂණයෙන් පෙනී යන තවත් කරුණක් වන්නේ රැකියාව, රූපවාහිනිය, gaming, scrolling වැනි කුමන හෝ කටයුත්තක් සඳහා ඕස්ට්‍රේලියානුවන් විශාල කාලයක් screen එකක් ඉදිරිපිට ගත කරන බවයි. 

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025