Bondi අපරාධකරුවන්ගේ සුල මුල එළියට

  • Home
  • /
  • News
  • /
  • Bondi අපරාධකරුවන්ගේ සුල මුල එළියට

ඉරිදා සිදු වූ සමූහ වෙඩි තැබීමට සති කිහිපයකට පෙර පිලිපීනයේ ප්‍රසිද්ධ ත්‍රස්තවාදී ස්ථානයක මාසයක් සංචාරය කිරීමට, බොන්ඩි ත්‍රස්තවාදීන් යැයි කියනු ලබන පුද්ගලයින් විසින් භාවිතා කළ බවට වාර්තා වන විදේශ ගමන් බලපත්‍රවල ඡායාරූප කිහිපයක් මාධ්‍ය විසින් දක්වා තිබුණා.

ඉන්දියානු ජාතික සජිඩ් අක්‍රම් (50) සහ ඔහුගේ ඕස්ට්‍රේලියාවේ උපන් පුත් නවීඩ් අක්‍රම් (24) Mindanao හි මිලිටරි ආකාරයේ පුහුණුවක් ලබා ඇති බවට ද ඇතැම් වාර්තා දක්වා තිබුණා. 

දකුණු පිලිපීනයේ දූපතක් වන Mindanao යනු 1990 ගණන්වල සිට ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන් සංචාරය කරන කලාපයක්. Mindanao හි නිරිත දෙසින් පිහිටි Marawi නගරය 2017 දී ISIS සම්බන්ධ වටලෑමකට සම්බන්ධ ස්ථානයක්.

මෙම යුවළ නොවැම්බර් 1 වන දින සිඩ්නි සිට පිලිපීනයට පැමිණි බව පිලිපීන ආගමන කාර්යාංශය අඟහරුවාදා පැවසුවා.

ඔවුන් Mindanao හි Davao නගරයට යාමට පෙර මැනිලා හි Ninoy Aquino ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බැස තිබෙනවා.

“දෙදෙනාම ඔවුන්ගේ අවසාන ගමනාන්තය ලෙස ඩාවෝ වාර්තා කළා” යනුවෙන් ආගමන කාර්යාංශය පවසා තිබුණා.

මෙම යුවළ නොවැම්බර් 28 වන දින Davao සිට මැනිලා දක්වා වූ flight එකකින් රට හැර ගිය අතර, ඔවුන්ගේ අවසාන ගමනාන්තය වූයේ සිඩ්නි නගරයයි.

යුවළ භාවිතා කළ ඉන්දියානු සහ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර මෙන්ම ආගමන විගමන කටයුතුවලදී ගත් ඡායාරූප ලෙස පෙනෙන ඡායාරූප කිහිපයක් පිලිපීනයේ ABS-CBN ප්‍රවෘත්ති මගින් බදාදා දක්වා තිබුණා.

2022 පෙබරවාරි මාසයේදී නිකුත් කරන ලද සජිඩ්ගේ ඉන්දියානු විදේශ ගමන් බලපත්‍රයේ ඔහුගේ උපන් ස්ථානය හයිද්‍රාබාද්, Telangana ලෙසත් පදිංචි ස්ථානය සිඩ්නි ලෙසත් දක්වා තිබෙනවා.

නවීඩ්ගේ විදේශ ගමන් බලපත්‍රයේ ඔහුගේ උපන් ස්ථානය Royal Prince Alfred රෝහල පිහිටා ඇති Camperdown ලෙසත දක්වා තිබෙනවා. සිඩ්නි පදනම් කරගත් ISIS cell එකකට තිබූ සම්බන්ධතා සම්බන්ධයෙන් නවීඩ් ASIO හි අවධානයට ලක්වීමෙන් වසර දෙකකට පසුව, 2021 අගෝස්තු මාසයේදී මෙම ලේඛනය නිකුත් කරන තිබෙනවා.

“අපේ සාකච්ඡාවේ සියලු විස්තර මට කියන්න බැරි බව ඔබට තේරෙනවා ඇති, නමුත් අපි, ඕස්ට්‍රේලියාව සහ පිලිපීනය, කලාපීය ආරක්ෂාව සහ ඒ ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් දිගුකාලීන හවුල්කරුවන් බවත්, එය දිගටම පවතිනු ඇති බවත් මට පැවසිය හැකියි” යනුවෙන් විදේශ කටයුතු ඇමතිනී Penny Wong ABC Radio National වෙත පැවසුවා.

කෙසේ වෙතත්, පිලිපීන බලධාරීන් මෙම යුවළට රට තුළ දී ඕනෑම ආකාරයක ත්‍රස්තවාදී පුහුණුවක් ලැබුණු බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ජාතික ආරක්ෂක උපදේශක Eduardo Año පැවසුවේ පියා සහ පුතා Davao නගරයේ රැඳී සිටි බවට විශ්වාස කරන බවත් ඔවුන් මරාවි නගරයට ගිය බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

Image credit: www.abs-cbn.com 

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025