Sydney නගරයේ කෙරුණු සන්නද්ධ පොලිස් මෙහෙයුම

  • Home
  • /
  • News
  • /
  • Sydney නගරයේ කෙරුණු සන්නද්ධ පොලිස් මෙහෙයුම

Bondi වෙරළට යමින් සිටි බවට විශ්වාස කෙරෙන පිරිමින් පිරිසක් වෙත දැඩි ලෙස සන්නද්ධ පොලිස් කණ්ඩායමක් කඩා වැදී ඇති අතර, ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සැලසුම් කර ඇති බවට ලැබුණු තොරතුරු මත ක්‍රියා කළ බව වාර්තා වෙනවා.

Liverpool හි මෙහෙයුම ආරම්භ වීමට පෙර ඉහළ මට්ටමේ රහස් සාකච්ඡාවක් පැවැත්වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

NSW පොලිසියේ, Australian Federal Police (AFP) සහ ASIO හි අවශ්‍ය නියෝජිතයින් පමණක් මීට සම්බන්ධ වී තිබෙනවා.

මෙම මිනිසුන් වික්ටෝරියානු අංක තහඩු සහිත මෝටර් රථයකින් ගමන් කරමින් සිටි බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් වත්මන් climate law එක ක්‍රියාත්මක කරන්නන් කිසිදු අවදානමක් නොගන්නා බැවින් අත්අඩංගුවට ගැනුණු කණ්ඩායම මහජනතාවට කිසියම් අනතුරක් කළේද යන්න සහ ඔවුන් බොන්ඩි වෙත ගියේ ඇයිද යන්න පැහැදිලි නැහැ. 

මෙහිදී පිරිස මිනිසුන් රැගෙන යන සුදු Hyundai රථයක් නැවත්වීමට  පොලිස් LandCruiser එකක් භාවිතා කර තිබෙනවා.

කැමරා සහ ආරක්ෂක ආම්පන්න පැළඳ රයිෆල් රැගෙන ගිය උපායශීලී නිලධාරීන් වාහනයකින් පැන, පදික වේදිකාවක මිනිසුන් රඳවා තබා ගන්නා අයුරු දක්නට ලැබුණා.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් නිව් සවුත් වේල්ස් පොලිසිය පැවසුවේ මෙහෙයුම අවසන් වූ බවයි.

“ප්‍රචණ්ඩ ක්‍රියාවක් සැලසුම් කර ඇති බවට ලැබුණු තොරතුරුවලට Tactical Operations police unit එක ප්‍රතිචාර දැක්වූවා” යනුවෙන් ප්‍රකාශකයෙක් පවසා තිබුණා.

“පසුව පොලිසිය විමර්ශනයේ කොටසක් ලෙස මෝටර් රථ දෙකක් අත්අඩංගුවට ගත්තා.

“පරීක්ෂණ දිගටම කරගෙන යන අතරතුර, පිරිමින් 7 දෙනෙකු පොලිසියට ඔවුන්ගේ පරීක්ෂණ සඳහා සහාය වෙමින් සිටිනවා.

“මේ අවස්ථාවේදී, බොන්ඩි ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ වත්මන් පොලිස් විමර්ශනයට කිසිදු සම්බන්ධයක් පොලිසිය හඳුනාගෙන නැහැ.

මෙම සිදුවීම ජෝර්ජ් වීදියේ, ප්‍රාථමික පාසලක් සහ වෛද්‍ය මධ්‍යස්ථානයක් අසල සිදුව ඇති අතර අවට ව්‍යාපාර සමඟ ප්‍රදේශය lockdown කර ඇති බවට වාර්තා වෙනවා.

මෙහෙයුම සඳහා හේතුව පොලිසිය තහවුරු කර නැතත්, Tactical Operations police, ASIO වෙතින් ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියා කළ බව NewsWire දක්වා තිබුණා.

පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

බොන්ඩි ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තවත් වැටලීම් සිදුකිරීමට නියමිත බව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් (AFP) කොමසාරිස් Krissy Barrett බ්‍රහස්පතින්දා උදෑසන පැවසුවා.

නිවේදනයක දී, NSW පොලිසිය පවසා ඇත්තේ ප්‍රජාවට කිසිදු තර්ජනයක් නොමැති බවයි.

Image credit: www.news.com.au 

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025