අධික උෂ්ණත්වයත් සමග නිකුත් කෙරුණු නත්තල් අනාවැකිය

  • Home
  • /
  • News
  • /
  • අධික උෂ්ණත්වයත් සමග නිකුත් කෙරුණු නත්තල් අනාවැකිය

ඕස්ට්‍රේලියාව තුළ අද දින පවතින ඉතා උණුසුම් කාලගුණය රසදිය අංශක 40 ට වඩා ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් NRMA වෙතින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

බ්‍රහස්පතින්දා ආරම්භ වූ මෙම තත්ත්වය  ඉරිදා දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර මෙම heatwave එක දකුණු ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ වෙත බලපා තිබෙනවා. මැද-උතුරු වෙරළ තීරය, Illawarra, දකුණු වෙරළ තීරය සහ Snowy කඳු ඇතුළුව NSW හි සමහර ප්‍රදේශවල අධික තාපයක් දැකිය හැකි බවට BoM අනතුරු අඟවා ඇති අතර, උපරිමය අංශක 30 සිට 40 ගණන් දක්වා ඉහළ යා හැකියි.

නැගෙනහිර වික්ටෝරියා සිට බ්‍රිස්බේන් දක්වා විහිදෙන නැගෙනහිර වෙරළ තීරයේ බොහෝ ප්‍රදේශවලට දැඩි heatwave අනතුරු ඇඟවීමක් පවතිනවා.

BoM පවසන්නේ සිසිල් තත්වයන් ක්‍රමයෙන් දකුණේ සිට උතුරට ගමන් කළ යුතු බවත්, සති අන්තයේ දී heatwave තත්වයන් ලිහිල් වීමට පෙර මෙම සතිය අගදී උච්චතම අවස්ථාවට පැමිණිය යුතු බවයි.

මේ අතර, NRMA දෙමාපියන්ට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, උණුසුම් කාලගුණය තුළ නවතා තබා ඇති මෝටර් රථ මාරාන්තික විය හැකි බව ඔවුන්ට මතක් කර දී තිබෙනවා. වාහන ඇතුළත උෂ්ණත්වය කෙටි කාලයක් තුළ පිටත උෂ්ණත්වයට වඩා අංශක 30 කට වඩා ඉහළ යා හැකි බව ඔවුන් පවසනවා.

“සාමාන්‍යය දිනයක පවා, නවතා ඇති මෝටර් රථයක් තුළ උෂ්ණත්වය ඉතා ඉක්මනින් අනතුරුදායක විය හැකි අතර, එමඟින් ළමයින්ට තාප ආඝාතය, විජලනය සහ ආන්තික අවස්ථාවන්හිදී මරණයට පත්වීමේ අවදානමක් ඇති වෙනවා” යනුවෙන් NRMA පැවසුවා.

Summer එක වෙනුවෙන් කෙරුණු හදිසි නිවේදනය

නත්තල් අනාවැකිය

නත්තල සඳහා සතියකටත් අඩු කාලයක් ඉතිරිව ඇති බැවින්, කාලගුණ විද්‍යා කාර්යාංශය දෙසැම්බර් 25 වන දින සඳහා වන එහි නිල අනාවැකිය නිකුත් කර තිබෙනවා.

Queensland හි උතුරු සහ මධ්‍යම කොටසේ ඇතැම් ප්‍රදේශවලට මධ්‍යස්ථ වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇති අතර ක්වීන්ස්ලන්තයට උණුසුම්, තෙතමනය සහිත සහ වළාකුළු සහිත තත්වයන් අත්විඳිය හැකියි. බ්‍රිස්බේන් හි වාෂ්ප සහිත ස්වභාවයත් සමග උෂ්ණත්වය 33C දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

New South Wales හි බොහෝ ප්‍රදේශවලට බොහෝ දුරට වියළි හා අව්ව සහිත නත්තල් දිනයක් භුක්ති විඳිය හැකියි. නැගෙනහිර ප්‍රදේශ හරහා වෙරළබඩ වැසි කිහිපයක් ගමන් කළ හැකි වුවත්, ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ Miriam Bradbury පවසා තිබුණේ වර්ෂාපතනය සාමාන්‍යයෙන් 5mm හෝ ඊට අඩු වනු ඇති බවයි. ප්‍රාන්තයේ ඊසාන දෙසින් ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් ද තිබෙනවා. නමුත් ඒවා දරුණු වනු ඇතැයි අපේක්ෂා කරන්නේ නැහැ. සිඩ්නි හි උෂ්ණත්වය 25C ට ඉහළින් ඇති අතර කැන්බරා හි 29C දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Victoria ප්‍රාන්තයට සිසිල් දිනයක් උදාවෙමින් පවතින අතර, මෘදු උෂ්ණත්වයන් සහ හුදකලා වැසි, සුළු වර්ෂාපතනයක් ඇති කරනවා. මෙල්බර්න් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 19 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, කඳු වැටිවලට උතුරින් පිහිටි ප්‍රදේශවල උෂ්ණත්වය අංශක 20 ගණන් දක්වා ඉහළ යා හැකියි.

Tasmania ද සිසිල් තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා. ඉඳ හිට වැසි සහ 1,000m ට වැඩි උස් කඳු මුදුන්වලට හිම වැටීමේ අවස්ථාවක් තිබෙනවා. Hobart වෙත 17C ක අගයක් අපේක්‍ෂා කරන අතර ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශ ද ඊට ආසන්න අගයක් අපේක්ෂා කරනවා.

Western Australia වෙතත් ඉහළ උෂ්ණත්වයන් ලැබෙනු ඇති අතර, ප්‍රාන්තයේ විශාල ප්‍රදේශවල උෂ්ණත්වය අංශක 30 , 40 ගණන් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. නත්තල් දිනයේදී පර්ත් 39C දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Northern Territory හි සමහර ප්‍රදේශවල උණුසුම්, තෙතමනය සහිත සහ වළාකුළු සහිත තත්වයන් දක්නට ලැබෙන අතර මධ්‍යම සහ උතුරු ප්‍රදේශවල උෂ්ණත්වය අංශක 30 ගණන් වල පවතින බව දක්වා තිබෙනවා. ඩාවින් සෙල්සියස් අංශක 32 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025