දශක 5ක් හෝ ඊට වැඩි කාලයක්, ඕස්ට්‍රේලියාවේ Working Holiday Maker Program එක මගින් සරල චාරිකාවක් තවත් බොහෝ දේ කළ හැකි චාරිකාවක් බවට පත් කිරීමට උපකාරී වී තිබෙනවා. එය නිකන්ම නිවාඩුවකට වඩා වෙනස් වූ සංස්කෘතික අත්දැකීමක් ලබා දෙන අතර ජීවිත කාලය පුරාම පවත්වාගත හැකි ගෝලීය සම්බන්ධතා ගොඩනගනවා.
මුලින් ඕස්ට්‍රේලියාව, කැනඩාව, අයර්ලන්තය සහ එක්සත් රාජධානියේ තරුණයින්ට ලබා ගත හැකි 1975 ජනවාරි මාසයේදී Work and Holiday scheme එක ලෙස ස්ථාපිත කෙරුණු මෙහි අරමුණ වූයේ තරුණයින් අතර සංස්කෘතික හුවමාරුව සහ ජාත්‍යන්තර අවබෝධය ප්‍රවර්ධනය කිරීම වගේම සැබෑ, මිනිස් සම්බන්ධතා හරහා ඕස්ට්‍රේලියාවේ ගෝලීය මිත්‍රත්වයන් ශක්තිමත් කිරීමට උපකාරී වීමයි.
පසුගිය දශක 5 තුළ, මෙම වැඩසටහන සැලකිය යුතු ලෙස පුළුල් වී ඇති අතර දැන් visa subclasses 2ක් හරහා රටවල් 50 ක් සමඟ කටයුතු කරනවා. අද වනවිට, සුදුසුකම් ලත් තරුණ සංචාරකයින්ට ඕස්ට්‍රේලියාවේ දීර්ඝ නිවාඩුවක් භුක්ති විඳිය හැකි අතර ඔවුන් රැඳී සිටින කාලය තුළ මූල්‍ය අවශ්‍යතා සඳහා සහාය වීමට කෙටි කාලීන රැකියාවක් කිරීමට ද අවස්ථාව ලබා දෙනවා.
Pacific and Major Events හි ආගමන කටයුතු පිළිබඳ සහකාර ලේකම් Brett White පැවසුවේ මෙම සංවත්සරය ඕස්ට්‍රේලියාව ලෝකය සමඟ සම්බන්ධ කිරීමේ වැඩසටහනේ දිගු කාලීන කාර්යභාරය ඉස්මතු කරන බවයි.
Working Holiday Maker වැඩසටහන නිර්මාණය කර ඇත්තේ විවිධ රටවල තරුණයින්ට එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට සහ ඔවුන් ගැන ඉගෙන ගැනීමට උපකාර කිරීම සඳහා යි.
මෙම ආකෘතිය මගින් මිලියන ගණනක් අමුත්තන්ට ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය, අද්විතීය භූ දර්ශන, විවිධ ප්‍රජාවන් සහ සංස්කෘතිය අත්විඳීමට ඉඩ දී තිබෙනවා.
මාස 12 ක් ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කරන ගමන් නිවාඩුවක් ගත කරන්න ලැබෙන Working Holiday Maker (WHM) වැඩසටහන ගැන වැඩිදුර ඉගෙන ගන්න පිවිසෙන්න:
https://immi.homeaffairs.gov.au/what-we-do/whm-program/overview