Christmas (නත්තල්) යන ඉංග්‍රීසි වචනය (“Christ’s mass” හෝ “mass on Christ’s day”) තරමක් මෑත කාලීන සම්භවයක් තිබෙන වචනයක්. මෙම පදය ආරම්භ වුණේ Old English ‘Cristes mæsse’ වලින් පැමිණි Middle English ‘Christemasse’ යන වචනයෙන්. රෝම කතෝලික ධර්මයේ සහ වෙනත් ඇතැම් ක්‍රිස්තියානි කණ්ඩායම්වල, ‘mass’ යනු සත්ප්‍රසාදය (Eucharist) සැමරීමක්.
නත්තල් හෙවත් Christmas යනු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිහිපත් කරන වාර්ෂික උත්සවයක් වන අතර එය ප්‍රධාන වශයෙන් දෙසැම්බර් 25 වන දින ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් අතර ආගමික හා සංස්කෘතික සැමරුමක් ලෙස සමරනු ලබනවා.
ක්‍රිස්තියානි ධර්මයේ කේන්ද්‍රීය පූජනීය මංගල්‍යයක් වන නත්තල සඳහා සූදානම් වීම Advent හි පළමු ඉරිදා ආරම්භ වන අතර ඉන් පසුව නත්තල් සමය ආරම්භ වෙනවා. එය ඓතිහාසිකව බටහිර රටවල දින 12ක් සමරනවා.
නත්තල් දිනය බොහෝ රටවල රජයේ නිවාඩු දිනයක් වන අතර එය කිතුනුවන්ගෙන් බහුතරයක් විසින් ආගමික වශයෙන් සමරන අතර කිතුනු නොවන බොහෝ දෙනෙකු විසින් සංස්කෘතික වශයෙන් සමරනු ලබනවා.