ලෝකේ උසම විල බලන්න යන සුන්දර සංචාරය

  • Home
  • /
  • Blog
  • /
  • ලෝකේ උසම විල බලන්න යන සුන්දර සංචාරය

2026 වසරේ ඉතාම අඩු වියදමකින් සංචාරය කරන්න පුළුවන් රටක් ගැන තමයි මේ කියන්න හදන්නේ.

ඒ තමයි බොලිවියාව. ඉතා ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වෙන පේරු සිට ඉක්මන් අතුරු චාරිකාවක් උනත් යන්න පුළුවන් විදිහට තමයි මේ සුන්දර Bolivia පිහිටලා තියෙන්නේ. වීසා පිරිවැය පසෙකලා බැලූ විට බොලිවියාව කියන්නේ දැනටමත් දකුණු ඇමරිකාවේ තිබෙන වඩාත් ලාබදායීම ගමනාන්තයක්. දවසේ budget එක විදිහට $35 – $45 ක පමණ මුදලකින් ඔයාට මේ සුන්දර රටේ සංචාරය පුළුවන්.

මෙම රට බොහෝ විට වෙරළ තීරයන් සහිත අනෙකුත් ගමනාන්තවලට සාපේක්‍ෂව නොසලකා හරිනවා. නමුත් මෙම කඳුකර රට අනිවාර්යයෙන්ම ඔයාට ඉතා සුන්දර අත්දැකීමක් ලබා දීමට සූදානම්. 

ලෝකයේ උසම විල වන Titicaca විල සහ Salar de Uyuni හි විශ්මිත salt flats වැනි ස්වභාවික චමත්කාරයන් රැසකින් මේ සුන්දර දේශය සමන්විත වෙනවා. මෙහි තිබෙන හුදකලා සහ ත්‍රාසජනක හැඟීම නිසාම බොහෝ දෙනෙක් බොලිවියාව දකුණු ඇමරිකාවේ හොඳම backpacker destinations වලින් එකක් ලෙස හඳුන්වනවා.

බොලිවියාවට සෘජුවම පියාසර කරන airlines ගොඩක් අඩුයි. නමුත් අසල්වැසි පේරු හරහා බොලිවියාවට පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. එහි Lima අගනුවර වෙත ඔයාට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්.

ඔයා Backpacker කෙනෙක්නම් දවසකට $35 – $45 ත් අතර Budget එකකුත් Mid-range Budget එක විදිහට $75 කට ආසන්න මුදලකුත් දවසකට වැය වෙනවා. 

Don't forget to share this post!

Recent Posts

746
January 9, 2026