කලින් article කිහිපයකින්ම කිව්වා ඕස්ට්‍රේලියාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය අත්පත් කරගෙන තිබෙන දියුණුව ගැන වගේම එම ක්ෂේත්‍රයෙන් අධ්‍යාපනය හදාරන/ හදාරන්න බලාපොරොත්තු වෙන ඔබට ඕස්ට්‍රේලියාවේ ඇති අධ්‍යයන විකල්ප ගැන. අද අපි බලමු ඕස්ට්‍රේලියාවේ රැකියාවක් සොයන ඔබට කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ලබාගත හැකි රැකියා මොනවාද කියන එක.
ඔබේ අධ්‍යයන පසුබිම හා රුචිකත්වයන් අනුව තෝරා ගැනීමට බොහෝ වෘත්තීන් තිබෙනවා. ඉතින් කෘෂිකර්මය විෂය ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන ඔයාට මේ රැකියා අවස්ථා සමග එකතු වෙලා පර්යේෂණ සඳහා විවිධ දේශගුණික ප්‍රදේශවලට ගමන් කිරීමට, ගොවීන්ට බෝග හා පශු සම්පත් වල රෝග මර්දනයට උපකාර කිරීමට, නව තාක්ෂණයන් සමඟ ගොවිපල කළමනාකරණය වැඩිදියුණු කිරීමට හෝ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් ආරක්ෂා කිරීම සඳහා සංරක්ෂණ ප්‍රයත්නවලට නායකත්වය දීමට අවස්ථාව ලැබෙනවා.
කෘෂිකර්මාන්තය සහ කෘෂි තාක්‍ෂණය යටතේ ඇති විවිධ වෘත්තීය විකල්ප අතරට:
- Farmer
- Aquaculture Farmer
- Agricultural Scientist
- Conservation Officer
- Park Ranger
- Landscape Gardener
- Soil Scientist
- Viticulturalist (මිදි වගා කරන්නා, බොහෝ විට වයින් සඳහා) ආදිය ඇතුළත් වෙනවා.
ශාක හෝ සතුන් සමඟ වැඩ කිරීමට වගේම මෙම අධ්‍යයන ක්ෂේත්‍රයට බොහෝ ප්‍රායෝගික, එළිමහන් වැඩ ඇතුළත් වෙනවා.