Queensland හි සිටින ඔයාට කුලී නිවසක් ලබා ගැනීමට සහය විය හැකි RentConnect සේවාව ගැන තමයි අද මේ කියන්න හදන්නේ.
කුලියට ගැනීමට සුදුසු ස්ථානයක් සොයාගෙන අයදුම් කරන්න වගේම ඔයා දැනටමත් කුලී නිවසක ජීවත් වෙන කෙනෙක්නම් ඔයාට තිබෙන ගැටළු වලට විසඳුම් ලබාගන්නත් RentConnect වෙතින් සහය ලබාගන්න පුළුවන්.
කුලියට නිවසක් සොයා ගැනීමට RentConnect උදව් කරන්නේ කෙසේද?
ඔයාට private rental market එකට ප්‍රවේශ වීම අපහසු වෙන්න හේතු කිහිපයක් බලපාන්න පුළුවන්.
- කලින් කුලී නිවසක ජීවත් වී නොමැති වීම
- Private rental market එක ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දැනුම හෝ අවබෝධය නොමැතිකම
- Private rental applications සඳහා අවශ්‍ය ලියකියවිලි නොමැතිකම.
මෙවැනි අවස්තාවකදී RentConnect හි සහය ඔයාට ලබාගන්න පුළුවන්. ඒ වගේම කුලියට නිවසක් ලබාගන්න ඔයාට තිබෙන බාධාව මූල්‍යමය ගැටළුවක් නම්, RentConnect හරහා කෙටි කාලීන මූල්‍ය බාධක සඳහා ද උදව් ලබාදෙනවා;
- නව කුලී නිවසකට යාමේ පිරිවැය ආවරණය කිරීම සඳහා Bond loans සහ rental grants ලබා දීම.
- කුලී නවාතැනක් ලබා ගැනීමට හෝ දිගටම රැඳී සිටීමට උපකාර අවශ්‍ය වන Cairns හෝ Gold Coast ප්‍රදේශවල ජීවත් වන අඩු ආදායම්ලාභීන් සඳහා පොලී නොමැති ණය ලබා දීම.
- කුලියේ පිරිවැයට උදව්වක් වශයෙන් Rental Security Subsidy එකක් ලබා දීම.
RentConnect ක්‍රියා කරන ආකාරය, RentConnect සඳහා සපුරාලිය යුතු සුදුසුකම් ආදී මීට සම්බන්ධ තවත් දේ ඉදිරියේදී කතා කරමු.