ඕස්ට්‍රේලියාවේ විවාහයක් ලියාපදිංචි කරන්න වැය වෙන මුදල 

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ විවාහයක් ලියාපදිංචි කරන්න වැය වෙන මුදල 

ඕස්ට්‍රේලියාවේ සිට විවාහයක් ලියාපදිංචි කරන්න අවශ්‍ය සුදුසුකම්, ඒ සඳහා අයදුම් කළ යුතු ආකාරය, අවශ්‍ය වෙන Supporting documents වගේ ගොඩක් දේවල් ගැන අපි කලින් articles කිහිපයකින්ම කතා කළා.

අද අපි බලමු මේ විවාහ ලියාපදිංචිය සිදු කෙරෙන ආකාරය සහ මේ සඳහා වැය වෙන ගාස්තු පිළිබඳව.

 

විවාහ ලියාපදිංචි කිරීම

1988 ශ්‍රී ලංකා විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතට අනුව, විවාහ ලියාපදිංචි කිරීම කොන්සල් ජනරාල් කාර්යාලයේදී, විවාහ දැන්වීමේ කලින් නියම කර ඇති දිනය/වේලාවේදී සිදු කෙරෙනවා.

විවාහ ලියාපදිංචි කිරීමේ වේලාවට අවම වශයෙන් මිනිත්තු 30 කට පෙර දෙපාර්ශවයම කොන්සල් ජනරාල් කාර්යාලයට පැමිණ සිටිය යුතුයි.

 

ගෙවීම්

1 . Notice of Marriage – 45(AUD)

2 . Registration of Marriage – 69(AUD)

3 . විවාහ සහතිකයේ පිටපතක් ලබා ගැනීම 

  • විවාහ ලියාපදිංචිය ශ්‍රී ලංකාවේ සිදු කර තිබියදී එහි ප්‍රකාශයක් සහතික කරවා ගැනීමට – 64(AUD)
  • විවාහය ලියාපදිංචි කර ඇත්නම් සහ විවාහ සහතිකය කොන්සල් ජනරාල් කාර්යාලයෙන් නිකුත් කර ඇත්නම් – 33(AUD)

Notice එක ඉදිරිපත් කරන අවස්ථාවේදී (Notice of Marriage සඳහා) සහ විවාහ ලියාපදිංචි කිරීමේදී (විවාහ ලියාපදිංචි කිරීම සඳහා) සහ reference සඳහා තබා ඇති රිසිට්පත් ගෙවීම් කළ යුතුයි.

Debit Cards මගින් ගෙවන්න පුළුවන්. Tap & Pay පහසුකම වගේම Personal/Company cheques, Credit Cards හරහා ගෙවීම් සිදු කරන්නත් අවස්ථාව නැහැ.

Don't forget to share this post!

Recent Posts

745
January 9, 2026