ඔබට වීසා අයදුම්කරුවෙකුට අනුග්‍රහය දැක්වීමට හෝ සහාය දීමට හැකි වන තවත් එක ආකාරයක් ගැන තමයි මේ article එක. මේ හරහා ඔවුන්ට entertaining හෝ ක්‍රීඩා වැඩසටහන්, සංස්කෘතික හුවමාරුව, seasonal work හෝ පුහුණු කටයුතු වැනි තාවකාලික ක්‍රියාකාරකම් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාව ලැබෙනවා. මේ සඳහා ඇති වීසා විකල්ප ගැන බලමු.
සමහර වීසා සඳහා ඔබ අනුමත temporary activities sponsor කෙනෙකු වීම අවශ්‍ය වෙනවා.
අනුමත තාවකාලික ක්‍රියාකාරකම් අනුග්‍රාහකයෙකු යනු පහත අවස්ථා සඳහා සුදුසු යැයි තක්සේරු කර ඇති අයෙක්;
- Temporary Activity visa (subclass 408) සඳහා අයදුම්කරුවෙකුට අනුග්‍රහය දැක්වීම, හෝ
- Temporary Work (International Relations) visa (subclass 403) Pacific Australia Labour Mobility (PALM) stream සඳහා අයදුම්කරුවෙකුට අනුග්‍රහය දැක්වීම, හෝ
- Training visa (subclass 407) සඳහා අයදුම්කරුවෙකු නම් කිරීම සහ අනුග්‍රහය දැක්වීම
අයදුම්කරුවෙකුට අනුග්‍රහය දැක්වීමට අවශ්‍ය වීසා හෝ වීසා ප්‍රවාහය මත පදනම්ව, ඔබට වෙනත් නිර්ණායක සපුරාලීමට සිදු වෙන්න පුළුවන්.
ඔබට skilled position එකක් පිරවීමට අවශ්‍ය නම් සහ එය පිරවීමට සුදුසු ඕස්ට්‍රේලියානුවෙකු සොයාගත නොහැකි නම්, employer sponsored visa බලපත්‍රයක් වඩාත් සුදුසු විය හැකියි.