අභ්‍යවකාශයේ සිට භූ චුම්භක තත්ත්වයන් නිර්මාණය කරන දරුණු සූර්ය කුණාටුවක් හේතුවෙන් Aurora australis, ඕස්ට්‍රේලියාවේ දකුණු ප්‍රදේශ වල අහස ආලෝකමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
කාලගුණ විද්‍යා කාර්යාංශය ඕස්ට්‍රේලියානු අභ්‍යවකාශ කාලගුණ අනාවැකි මධ්‍යස්ථානය කුණාටුව නිරීක්ෂණය කරමින් සිටින අතර දැඩි සූර්ය ගිනිදැල් ක්‍රියාකාරිත්වයක් හෝ සූර්යයාගේ කොරෝනාවෙන්, ප්ලාස්මා coronal mass ejection එකක් නිරීක්ෂණය කිරීමෙන් පසු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණා.
සඳුදා සූර්ය කුණාටුව අතරතුර සූර්ය සුළං 415km/s සිට 1135km/s දක්වා ඉහළ යන බව බලධාරීන් වාර්තා කළ අතර කෙටි තරංග මැකී යාමක් නිසා high-frequency (HF) radio signals වලට බාධා ඇති විය හැකි බව දක්වා තිබුණා.
සූර්ය සුළං වේගය දවස පුරා ඉතා ශක්තිමත් වනු ඇති බව සහ ඕස්ට්‍රේලියානු කලාපය පුරා HF රේඩියෝ ප්‍රචාරණ තත්ත්වයන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
අඟහරුවාදා සවස සහ බදාදා අලුයම වන විට ආලෝක සංදර්ශනය නැරඹීමට ඉඩ ලැබෙනවා.
ඉහළ අක්ෂාංශ වලින් හොඳ නිරීක්ෂණ තත්ත්වයන් යටතේ රාත්‍රී කාලයේ දී aurora දෘශ්‍යමාන විය හැකි බව දක්වා තිබුණා.
“වර්තමාන භූ චුම්භක කුණාටු තත්ත්වයන් අඛණ්ඩව පවතින බැවින්, අද සවස aurora දෘශ්‍යමාන වීමට අවස්ථාවක් තිබෙනවා. නමුත් කුණාටු තත්ත්වයන් පහව යාමට පටන් ගන්නේ නම් එවිට aurora දැකීමේ අවස්ථාව අඩු විය හැකියි.” යනුවෙන් ප්‍රකාශකයෙක් පැවසුවා.
“aurora australis දැකීමට, ඔබට වලාකුළු වලින් තොර පැහැදිලි අහසක් සහිත අඳුරු රාත්‍රියක් සහ දකුණු ක්ෂිතිජයේ ගස්/ගොඩනැගිලි වලින් බාධා නොවෙන පැහැදිලි දර්ශනයක් අවශ්‍ය වෙනවා.”
අභ්‍යවකාශ කාලගුණ විද්‍යාඥ Jeanne Young පැවසුවේ aurora australis යනු කිලෝමීටර මිලියන ගණනක් ඈතින් සූර්යයා මත ආරම්භ වූ සිදුවීම්වල ප්‍රතිඵලයක් බවයි.
ඉහළ වායුගෝලයේ පරමාණු මගින් ආලෝකයේ ස්වරූපයෙන් සහ විවිධ තරංග ආයාමයන්ගෙන් ශක්තිය මුදා හරින බව ආචාර්ය Young පැවසුවා.
තරංග ආයාමයන් ආලෝකයේ වර්ණය තීරණය කරන බවත් ඒවා ඔක්සිජන් සහ නයිට්‍රජන් සමඟ මිශ්‍ර වූ විට අහසේ අලංකාර වර්ණවත් ආලෝකයන් නිර්මාණය කරන බවත් ඇය පැවසුවා.
කාර්යාංශය තත්ත්වය නිරීක්ෂණය කිරීම දිගටම කරගෙන යන අතර Space Weather හරහා සැලකිය යුතු වෙනස්කම් පිළිබඳ යාවත්කාලීන කිරීම් ලබා දෙනු ඇත.