එංගලන්තය පරදා පළමු සටනෙන්ම තියුණු ජයක්

  • Home
  • /
  • Sports
  • /
  • එංගලන්තය පරදා පළමු සටනෙන්ම තියුණු ජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක් දින තරඟය ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා. එහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ආරම්භක පිතිකරු යුගලය ලෙස ලකුණු 50ක සබඳතාවක් ගොඩනැගූ පැතුම් නිස්සංක සහ කමිල් මිශාර ලකුණු 21 කට සහ 27 කට දැවී ගියා. කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 93යි. ඊට 4 පහර 11ක් ඇතුළත්. ජනිත් ලියනගේ ලකුණු 46කට දැවී ගියා. දුනිත් වෙල්ලාලගේ පන්දු 12 කදී ලකුණු 25ක් රැස් කළේ 4 පහර 3ක් සහ 6 පහර 1ක් සමගින්.

පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 271ක් රැස් කළා. පන්දු යැවීමේ දී Adil Rashid කඩුළු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 252ක් පමණයි. Ben Ducket ලකුණු 62ක් සහ Joe Root ලකුණු 61ක් රැස් කළා. Jamie Overton පන්දු 17 කදී ලකුණු 34 යි.

පන්දු යැවීමේදී ප්‍රමෝද් මදුශාන් කඩුළු 3ක් ලබා ගත් අතර දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆ්රි වැන්ඩසි කඩුළු 2 බැගින් ලබා ගත්තා.

ඒ අනුව උණුසුම් තරඟයකින් පසු ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළමු එක් දින තරඟය පන්දු 4ක් පමණක් ඉතිරිව තිබිය දී ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරඟයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ විශිෂ්ඨ පන්දු රැකීමක ද නිරත වුණු දුනිත් වෙල්ලාලගේ. 

දෙරට අතර දෙවන එක් දින තරඟය හෙට පැවැත්වෙනවා.

 

Image credit: www.espncricinfo.com

Don't forget to share this post!

Recent Posts

771
January 28, 2026