ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරඟය අද

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරඟය අද

2026 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ 2වන තරඟය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.
ඒ ඕමාන කණ්ඩායමට එරෙහිවයි. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.00ට ආරම්භ වුණා.
කාසියේ වාසිය දිනාගත් ඕමාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 225ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 61ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා. පවන් රත්නායක පන්දු 28කදී ලකුණු 60ක් සහ දසුන් ශානක පන්දු 20කදී ලකුණු 50ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 120ක් පමණයි. මොහොමඩ් නදීම් ලකුණු 53යි.

කණ්ඩායම් 4ක් යටතේ පැවැත්වෙන මෙවර T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව තරඟ වදින්නේ B කාණ්ඩය යටතේයි.
ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ, ඕමානය සහ අයර්ලන්තය B කාණ්ඩය යටතේ තරඟ වදින සෙසු රටවල් වනවා.
ක්‍රීඩා කල තරඟ 2ම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයේ පළමු ස්ථානයේ රැඳී සිටින අතර ක්‍රීඩා කළ එකම තරඟය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ පිළිවලින් 2, සහ 3 වන ස්ථාන වල පසු වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරඟය ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් පෙබරවාරි 16 වන සඳුදා රාත්‍රී 7.00 ට (AEDT – පෙබරවාරි 17 වන අඟහරුවාදා මධ්‍යම රාත්‍රී 12.30 ට) පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

Don't forget to share this post!

Recent Posts

778
February 12, 2026