Wireless Local Area Network (WLAN) කියන්නේ අද අප එකිනෙකා සමඟ සන්නිවේදනය කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු තාක්‍ෂණික නවෝත්පාදනයක්. ලෝකයේ සන්නිවේදන තාක්‍ෂණය වෙනස්ම දිශාවකට යොමු කරපු මේ සොයාගැනීම, 1992 දී සිදු කරපු ඕස්ට්‍රේලියානු පර්යේෂණයක ප්‍රතිඵලයක්.
CSIRO හි radioastronomy (විකිරණ තාරකා විද්‍යාව) අධ්‍යයනය කරන නව නිපැයුම්කරුවන් ඔවුන්ගේ පර්යේෂණ අතරතුර මේ විදිහට ඒ කාලේ තාක්‍ෂණ කර්මාන්තයේ තිබ්බ ප්‍රධාන අභියෝගයන්ගෙන් එකක් විසඳා ගන්න සමත් වුණා.
ඉතින් මේ සොයා ගැනීම තමයි අද අපි සියලු දෙනා භාවිතා කරන WiFi වෙත මඟ පෑදුවේ.