ශ්‍රී ලංකා පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් වල ඉහළට

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකා පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් වල ඉහළට

2026 ලෝක කුසලානයේ සුපිරි 8 දෙනාගේ වටයට තේරී පත් වීමට ශ්‍රී ලංකාව සමත් වුණා. 

ඒ අනුව සුපිරි 8 දෙනාගේ වටයේ දී ශ්‍රී ලංකාව තරඟ වදින පළමු තරඟය එංගලන්ත කණ්ඩායමට එරෙහිව අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරඟය පෙබරවාරි 22 වන දා (අද), ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට (8.30 PM AEDT) ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් වටයේ දී අවසන් වරට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තරඟය පන්දු 3ක් ඉතිරිව තිබියදී පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකාව මූලික වටයේ තරඟ 4න් 3ක් ජය ගැනීමට සමත් වුණා. 

මුලික වටයේ තරඟ අවසන් වීමත් සමඟ මෙවර ලෝක කුසලානයේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් රැඳී සිටීමට ශ්‍රී ලංකා පිත්ටිකරුවන් සමත්ව තිබෙනවා. ඒ අනුව වැඩිම ලකුණු ලාභීන් අතර 2 වන ස්ථානය ලකුණු 199ක් ලබා සිටින පැතුම් නිස්සන්කට හිමි වද්දී 3වන ස්ථානයේ රැඳෙන්නේ ලකුණු 182ක් ලබාගත් කුසල් මෙන්ඩිස්.

තරඟයක දී ලබාගත් වැඩිම ලකුණු අතර 2වන ස්ථානයට පත් වීමට පැතුම් නිස්සංකගේ විශිෂ්ඨ ශතකය සමත්ව තිබෙනවා. වැඩිම ශතක ලාභීන් අතර පැතුම් නිස්සංක අංක 1 රැඳෙද්දී කුසල් මෙන්ඩිස් අර්ධ ශතක 3ක් ලබා ගනිමින් වැඩිම අර්ධ ශතක ලාභීන් අතර අංක 1ට පත්ව සිටිනවා.

Don't forget to share this post!

Recent Posts

786
February 20, 2026