ඕස්ට්‍රේලියාවෙත් “යක්කු බොලව්”

  • Home
  • /
  • Art
  • /
  • ඕස්ට්‍රේලියාවෙත් “යක්කු බොලව්”

හෙළ ගී තාල, වාදන, ගායන වලට ආදරය කරන ඔබට අමතක නොවන අත්දැකීමක් අරගෙන රන්වල බලකාය ඔස්ට්‍රේලියාවට පැමිණෙනවා.

රන්වල බලකායට ආදරය කරන Queensland හි සහ Tasmania හි සිටින ඔබට තවමත් අවස්තාව තිබෙනවා මේ වටිනා අවස්ථාවට සහභාගී වෙන්න. 

ඔවුන්ගේ මේ දැවැන්ත ප්‍රසංගය නම් කර තිබෙන්නේ “යක්කු බොලව්” යන නමින්.

සහන් රන්වල, අමන්ද්‍යා උත්පලී, නීල් සේනානායක, නදුන් කුලරත්න සහ තවත් බොහෝ දක්ෂ කලාකරුවන් සමඟ මෙම ආශ්වාදජනක අවස්ථාවට එක්වන්න ඔබටත් පුළුවන්. 

“යක්කු බොලව්” අපගේ සංස්කෘතියේ සුන්දරත්වය සහ විවිධත්වය මූර්තිමත් කරන ජවසම්පන්න සාම්ප්‍රදායික බෙර වාදන, අලංකාර නර්තනයන් සහ විශ්මයජනක ඇඳුම් පැළඳුම් හරහා ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් කලාව ප්‍රදර්ශනය කරනවා. 

 

Queensland 

Alumni Association of the University of Peradeniya Queensland Chapter විසින් Queensland හි සංදර්ශනය ඔබ වෙත අරගෙන එනවා.

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලය නැවත ගොඩනැගීමේ ප්‍රයත්නයන්ට උපකාර කිරීම සඳහා වගේම අවශ්‍යතා ඇති සිසුන් සඳහා උපදේශන සහ මනෝවිද්‍යාත්මක සහාය ලබාදීමට අරමුදල් රැස් කිරීම අරමුණු කරගෙන ඔවුන් මෙය සංවිධානය කරනවා.

Date

Sat 28 Feb 2026 6:00 PM – 8:30 PM (UTC+10)

 

Location

Lighthouse Community and Event Centre

65 Woogaroo St, Forest Lake, QLD 4078

 

ටිකට්පත් මිලදී ගැනීමට: https://auslankatickets.com/onlineticket.php?eventid=1503911 

 

Tasmania

Tasmania හි “යක්කු බොලව්” ප්‍රසංගය ඔබ වෙත අරගෙන එන්නේ Sri Lankan Cultural Foundation in Tasmania විසින්.

 

Date

Sat 7 Mar 2026 5:30 PM – 8:00 PM (UTC+11)

 

Location

Tramshed Function Centre

4 Invermay Rd, Invermay TAS 7248

 

ටිකට්පත් මිලදී ගැනීමට: https://auslankatickets.com/onlineticket.php?eventid=1525834 

Image credit: auslankatickets.com

Don't forget to share this post!

Recent Posts

787
February 23, 2026