දකුණු ඇමරිකාවේ සංචාරය කරන්න කැමති අයට වඩාත් ලාබදායීම ගමනාන්තයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. මේ තමයි සුන්දර Colombiaව.
Colombia ඉතා ලාබදායී රටක් වගේම මේ වන විට එය සංචාරය කිරීමට වඩාත් සුදුසු ලස්සන රටක්.
පැසිෆික් සාගරයට වගේම අත්ලාන්තික් සාගරයට මායිම් වන වෙරළ තීරයක්, ඇමසන් වැසි වනාන්තරයේ කොටසක් සහ ලොව දිගම කඳු වැටිය වන සුන්දර ඇන්ඩීස් කඳු වැටියේ ආරම්භයත් සුන්දර කොලොම්බියාව තුළ දී ඔබට දැක ගන්න පුළුවන්.
ස්වභාවික සුන්දරත්වය වගේම Medellín සහ Bogota යන ඝෝෂාකාරී නගර සහ කොලොම්බියානුවන්ගේ විචිත්‍රවත් සංස්කෘතිය ඔයාගේ සංචාරයට වෙනස්ම හැඩයක් එකතු කරාවි.
ඉතින් මේ සියලුම අත්දැකීම් සමඟින් ඔයත් දකුණු ඇමරිකාවේ ලාබදායීම සංචාරයක් සඳහා කොලොම්බියාව තෝරාගන්න.
කොලොම්බියාව අතීතයේ තිබුණාට වඩා ආරක්‍ෂිත ස්ථානයක් වුණත් සංචාරකයින් එහි යාමට පෙර ආරක්ෂක උපදෙස් කියවිය යුතුයි. තවමත් කොලොම්බියාවේ සමහර ප්‍රදේශ වලට යාමෙන් වැළකී සිටිය යුතු වුවත්, උතුරු වෙරළ තීරය සහ කෝපි කලාපය සංචාරකයින් වඩාත් ප්‍රිය කරන කලාප වෙනවා.
ඔයා Backpacker කෙනෙක්නම් දවසකට $40-45 (USD 30) වගේ මුදලකින් කොලොම්බියාවේ සංචාරය කරන්න පුළුවන්. Mid-range Budget එක දවසකට $70 (USD 50) ක වගේ මුදලක් වෙනවා.
දෙසැම්බර් සිට මාර්තු දක්වා අතර කාලය කොලොම්බියාවේ peak season එක වන අතර ජුලි සිට සැප්තැම්බර් අතර කාලය shoulder season එක ලෙස සැලකෙනවා.