ඕස්ට්‍රේලියානු අධ්‍යාපනයේ SSCE කියන්නේ මොකක්ද?

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියානු අධ්‍යාපනයේ SSCE කියන්නේ මොකක්ද?

ඕස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ තිබෙන වඩාත්ම ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් සහිත රටක්. මෙහි තිබෙන ප්‍රධාන පාසල් අධ්‍යාපන සුදුසුකම් අතරින් එකක් වෙන ATAR ගැන අපි කලින් article එකකින් කතා කළා. 

අද අපි බලමු තවත් වැදගත් සුදුසුකමක් වෙන SSCE ගැන.

Senior Secondary Certificate of Education (SSCE)

මේ SSCE කියන නම ඕස්ට්‍රේලියාවේ විවිධ state-based education systems හරහා වෙනස් වෙනවා. නමුත් මේ සියලුම state certificates, ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන සැපයුම්කරුවන් සහ vocational education and training (VET) providersලා විසින් පිළිගැනෙනවා. ඒවා ජාත්‍යන්තර education providersලා විසින් ද පිළිගනු ලබනවා.

ඕස්ට්‍රේලියාවේ, senior secondary certificate of education (SSCE) මඟින් ශිෂ්‍යයෙකුට රැකියාව, වැඩිදුර අධ්‍යාපනය සහ සිවිල් ජීවිතයේ දී අවශ්‍ය වෙන දේවල් ඇතුළු post-secondary schooling pathways ගණනාවකට මාරුවීම සඳහා ශක්තිමත් පදනමක් සපයනවා. SSCEs ඒකාබද්ධ Australian Qualifications Framework (AQF) එකක කොටසක් ලෙස states සහ territories විසින් සංවර්ධනය කර පරිපාලනය කරනු ලබන අතර, ඔවුන් ගුණාත්මක විෂයමාලා, තක්සේරු කිරීම් සහ සහතික කිරීම් ලබා දීම සඳහා Australasian Curriculum, Assessment and Certification Authorities (ACACA) වල හවුල් මූලධර්ම මත පදනම්ව කටයුතු කරනවා.

Don't forget to share this post!

Recent Posts

795
March 3, 2026