Google Maps කිව්වම මේ වන විට නොදන්නා කෙනෙක් නැති තරම්. දැන් ලෝකයේ බහුලවම භාවිතා වන mapping service එක විදිහටත් Google Maps හඳුන්වන්න පුළුවන්. මේ Google Maps ලෝකයට හඳුන්වා දුන්නේ කවුද කියලා දන්නවාද?
2003 දී, ඕස්ට්‍රේලියානුවන් වන Noel Gordon සහ Stephen Ma යන දෙදෙනා, ඩෙන්මාක් සහෝදරයන් දෙදෙනෙක් වන Lars සහ Jens Rasmussen සමඟ එකතු වෙලා, Sydney වල mapping business එකක් ආරම්භ කළා. මෙන්න මේ business එක තුළින් තමයි අද අපි හැමෝටම නැතුවම බැරි Google Map එකේ උපත සිදු වුණේ.
2004 දී, ඔවුන් එම නිෂ්පාදනය Google සමාගමට විකුණුවා. ඉන් පසුව තමයි Google සමාගම web-based application එකක් විදිහට 2005 දී Google Maps හඳුන්වා දුන්නේ.