අපි මේ කියන්න හදන්නේ international student කෙනෙක් ඕස්ට්‍රේලියාවේ study කරන්න apply කරන විදිහ ගැන. ඔයා සමහර විට දැනටමත් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන කෙනෙක් හෝ ඕස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කවුරු වුණත් ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්නම් ඔයාට මේ දේවල් උදව් වේවි.
ඕස්ට්‍රේලියාවේ study කරන්න apply කරන විදිහ අපිට පියවර 3ක් යටතේ සලකා බලන්න පුළුවන්.
ඒ අතරින් වැදගත් වගේම ආරම්භක පියවර විදිහට ඔයාට තිබෙන ඉගෙනුම් අවස්ථා, එහෙමත් නැත්නම් study options ගැන අද කතා කරමු.
Step 1: ඔබේ study options සොයා බලන්න
ඔයාගේ study area එක පිළිබඳ සොයා බලන්න
ඔයාට study කරන්න අවශ්‍ය area එක/ subject එක හරියටම විශ්වාස නැත්නම්, ජනප්‍රිය අධ්‍යයන ක්ෂේත්‍ර සහ ඒ හරහා මඟ පාදන වෘත්තීන් පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බලන්න. ඒ සඳහා studyaustralia.gov.au වෙබ් අඩවියෙන් වඩාත් නිවැරදි තොරතුරු ලබාගන්න පුළුවන්.
Education providersලා සහ courses පිළිබඳ සොයා බලන්න
- පාසල්, English language (ELICOS), vocational (VET) සහ higher education (university) providers ලා ඇතුළු ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ආයතන
- ලබා ගත හැකි සම්පූර්ණ පාඨමාලා වර්ග සහ ඒවායේ ගාස්තු, ආරම්භක දිනයන් සහ කාලසීමාව
- ලබා ගත හැකි සියලුම ශිෂ්‍යත්ව
ආදිය දැනගැනීම සඳහා ඔයාට Study Australia Course Search tool එක (www.studyaustralia.gov.au/en/plan-your-studies/find-a-course භාවිතා කරන්න පුළුවන්.
ඔයාගේ කැමතිම අවස්ථා shortlist කරලා සංසන්දනයකරන්න වගේම list කරලා තිබෙන education provider ලාට කෙලින්ම enquiry එකක් send කරන්නත් පුළුවන්.
location එක සලකා බලන්න
ඕස්ට්‍රේලියාව cosmopolitan cities වල සිට ප්‍රධාන regional centres දක්වා වගේම වෙරළ තීරයන්, වැසි වනාන්තර හෝ පිටස්තර ප්‍රදේශවලට ආසන්න ස්වාභාවික පරිසරයන් දක්වා වූ දැවැන්ත විවිධත්වයකින් යුත් ප්‍රදේශවල සහ පරිසර පද්ධතිවල අධ්‍යාපන අවස්ථා ලබා දෙනවා.
ඉතින් මේ tools සහ resources භාවිතා කරලා ඔයාගේ තේරීම කරන්න.
අපි තවත් article එකකින් කතා කරමු මෙහි 2වැනි පියවර වෙන academic entry requirements ගැන.