වැඩි වියදම් නැතුව ආසියාවේ සුන්දරම රටකට ගිහින් එමුද?

  • Home
  • /
  • Blog
  • /
  • වැඩි වියදම් නැතුව ආසියාවේ සුන්දරම රටකට ගිහින් එමුද?

අඩු වියදමකින් සංචාරය කරන්න පුළුවන් රටවල් ගොඩක් ගැන විස්තර අපි අරගෙන ඇවිත් තියෙනවා. ඒ අතර යුරෝපා රටවල්, ආසියා රටවල් වගේම ඇමරිකා සහ අප්‍රිකා කලාපයට අයත් රටවල් තිබුණා.

අද කියන්න හදන්නේ ඒ වගේ තවත් ආසියා රටක් ගැන. ඒ තමයි කාම්බෝජය.

කාම්බෝජය (Cambodia) ගොඩක් ප්‍රසිද්ධ එහි බෞද්ධ සංස්කෘතිය හා බැඳුනු වටපිටාවත් එක්ක. බොහෝ දෙනෙක් කාම්බෝජයට යන්නේ Angkor Wat නිසා. Angkor Wat කියන්නේ පුරාණ Khmer අධිරාජ්‍යයේ හදවත වගේ වුණ, විශාල විහාර සංකීර්ණයක්. 

මේ Angkor Wat කියන වචනයේ තේරුම වෙන්නෙත් “City of Temples” කියන එක. මේ ස්ථානය 12වන ශතවර්ෂයේදී ශිව දෙවියන් සඳහා වෙන් වුණු දේවාල සමූහයක් වුනත් පසු කාලෙක මෙහි බෞද්ධ ආගම පැතිර ගියා. මේ වන විට එය ථේරවාද බෞද්ධ මධ්‍යස්ථානයක් විදිහට බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නවා.

ඉතින් කාම්බෝජයට සංචාරය කරනවා නම්, මේ දැවැන්ත පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානය මගහැර ගන්න එපා. Angkor Wat ඔයාට වෙනස්ම සංචාරක අත්දැකීමක් ලබා දේවි.

බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්න ස්ථානය Angkor Wat වුනත්, කාම්බෝජය කියන්නේ තවත් සුන්දර දේවල් ගොඩක් පිරුණු රටක්. Mekong ගඟ අද්දර Kratie නම් සුන්දර නගරයේ සිට, Cardamom කඳුකරයේ නොඉඳුල් වනාන්තර සහ Koh Rong Sanloem නම් සුන්දර දූපත දක්වා වෙනස්ම අත්දැකීම් රැසක් කාම්බෝජයට යන ඔයාට විඳගන්න පුළුවන්. 

ඒ වගේම විශේෂම දෙයක් වෙන්නේ මේ සුන්දර රට ආසියාවේ ලාබදායීම ගමනාන්තවලින් එකක් වීම.

ඔයා Backpacker කෙනෙක්නම් ඔයාට දවසකට $35 (USD 25) ක වගේ මුදලකින් කාම්බෝජයේ සංචාරය කරන්න පුළුවන්. Mid-range Budget එක විදිහට $60-65 (USD 45)කට ආසන්න ගණනක් දක්වන්න පුළුවන්.

කාම්බෝජයේ Peak Season එක වෙන්නේ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය. අප්‍රේල්-මැයි සහ නොවැම්බර් මාස shoulder season එක විදිහට හඳුන්වන්න පුළුවන්. 

Don't forget to share this post!

Recent Posts

851
May 25, 2026