ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට තමන්ගේම Business එකක් පටන් ගන්න විදිහ අපි පියවරෙන් පියවර article series එකකින් කතා කළා. දැන් අපි කතා කරන්නේ එහෙම පටන් ගත්ත ඔයාගේ Business එක ආරක්ෂා කරගන්න විදිහ ගැන.
Business එකක ආරක්ෂාව ගැන හිතනකොට වැදගත්ම දෙයක් තමයි brand එක සහ reputation එක.
මේකෙදි වැදගත්ම දෙයක් වන Intellectual Property (IP), එහෙමත් නැත්නම් බුද්ධිමය දේපළ ආරක්ෂා කරගැනීම ගැන අපි කිව්වා.
අද බලමු ඔයාගේ market එක ගැන දැනගෙන ඉන්න එක කොහොමද brand එක සහ reputation එක ආරක්ෂා කරගන්න වැදගත් වෙන්නේ කියලා.
Know Your Market
ඔයාගේ customers ලා, competitors ලා සහ industry එක හරියට තේරුම් ගත්තොත් business එකේදී වඩා හොඳ තීරණ ගන්න වගේම, මුදල් නාස්ති වෙන වැරදි වළක්වා ගන්න සහ ඕනෑම වෙනසකට මුහුණ දෙන්න සූදානම් වෙන්න පුළුවන්. මේක ඕනෑම තත්ත්වයකදී ඔයාගේ business එකේ brand එකට සහ reputation එකට හානියක් නොවී පවත්වාගන්න ගොඩක් වැදගත්.
ඔයාට market research එකක් හරහා පහත දේවල් ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්;
- ඔයාගේ පාරිභෝගිකයින් කවුද සහ ඔයාගේ business එකෙන් ඔවුන්ට අවශ්‍ය දේ
- ඔයා ලබා දෙන products හෝ services, සහ ඒවා ගැන මිනිසුන්ගේ අදහස
- Competitors ලා
- Business location එක සහ local area එක
- අලුත්ම trends ඇතුළු industry එක
ඔයාගේ target market එකට ළඟා වෙන්න marketing plan එකක් develop කරන්න මේ insights භාවිතා කරන්න පුළුවන්.
මේ දේවල් ගැන හරියට අවදානයක් යොමු කරන්නේ නැති නිසාම ගොඩක් Business ඉතා කෙටි කාලයක් ඇතුළත කඩාගෙන වැටෙනවා. එහෙමත් නැත්නම් market එකේ පවතින තරඟකාරිත්වයට මුහුණ දෙන්න බැරුව පාඩු ලබනවා.
අපි මේ වෙනකන් කතා කරපු දේවල් එක්ක ඔයාගේ Business එකේ brand එක සහ reputation එක ආරක්ෂා කරගැනීමට අදාළ ඔයාගේ checklist එක වෙන්නේ;
- ඔබේ IP assets හඳුනා ගන්න
- ඕස්ට්‍රේලියාවේ සහ විදේශයන්හි IP rights සඳහා අයදුම් කරන්න (අවශ්‍ය විට)
- ඔබේ IP rights උල්ලංඝනය වනවා දැයි අවධානයෙන් සිටින්න
- කාලය අනුව ඔබේ IP rights අලුත් කරන්න
- ඔයාගේ customers ලා, competitors ලා, products සහ services ගැන market research එකක් කරන්න
- ඔයාගේ marketing plan එක develop කරන්න හෝ update කරන්න ඔයාගේ research එකේ results භාවිතා කරන්න
- Market research කිරීම ඔයාගේ business planning වල ongoing part එකක් බවට පත් කරගන්න.