තාක්ෂණික ලෝකයේ දැවැන්තයෙකු වන Elon Musk සහ ඔහුගේ ‘Neuralink’ සමාගම දිගු කලක් තිස්සේ උත්සාහ කළ ඉලක්කයක් සපුරා ගනිමින්, මිනිස් මොළයට සම්බන්ධ කළ හැකි ලොව පළමු වාණිජමය චිපය (Brain-Computer Chip) නිල වශයෙන් අනුමත කරවා ගැනීමට චීනය සමත් වී තිබෙනවා.
“NEO” ලෙස නම් කර ඇති මෙම කාසියක ප්‍රමාණයේ කුඩා උපාංගය, සායනික පරීක්ෂණ සාර්ථකව අවසන් කර වාණිජමය වශයෙන් අලෙවි කිරීමට අවසර ලත් ලොව පළමු සැත්කම් මඟින් බද්ධ කරන චිපයයි.
චීන chip එකෙන් කෙරෙන කාර්යය
මෙම චිපයේ පළමු සංස්කරණය විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ සුෂුම්නාවේ/ කොඳු ඇට පෙළේ ආබාධ (Spinal cord injuries) සහ අංශභාග තත්ත්වයන්ගෙන් (Paralysis) පෙළෙන රෝගීන්ගේ ස්නායු පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහායි. දැනටමත් චීන රජයේ සෞඛ්‍ය අංශ හරහා මෙය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට සියල්ල සූදානම් කර තිබෙනවා.
චීනයේ Tsinghua University එක සහ Neuracle Technology සමාගම එකතු වී නිපදවූ මෙම NEO චිපය, මොළයට සෘජුවම ඇතුළු කරන්නේ නැහැ. එය හිස්කබල සහ මොළය අතර Dura mater නමැති ආරක්ෂිත පටලය මත රඳවන නිසා මොළයේ සෛලවලට සිදුවන හානිය ඉතාම අඩුයි. දැනට රෝගීන් 36 දෙනෙකු යොදාගෙන කළ පරීක්ෂණ සියල්ලම පාහේ සාර්ථක වී තිබෙනවා.
Elon Muskට මොකද වුණේ?
Elon Muskගේ Neuralink සමාගම ද 2024 වසරේ සිට මේ සඳහා මිනිස් පරීක්ෂණ ආරම්භ කළත්, ඔවුන්ගේ N1 චිපයට තවමත් ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ (FDA) පොදු වෙළඳපොළ අනුමැතිය ලැබී නැහැ.
විද්‍යාඥයන් පවසන පරිදි චීන චිපය මොළයට වඩාත් ආරක්ෂිතයි. Muskගේ චිපය මොළයේ බාහිර ස්ථරය (Cerebral cortex) සිදුරු කරමින් ඇතුළටම දැමිය යුතු නිසා, මොළයේ ලේ ගැලීම් හෝ ආසාදන ඇතිවීමේ අවදානමක් පවතිනවා. Musk මීට පෙර මෙම තාක්ෂණය හඳුන්වා දුන්නේ අංශභාග රෝගීන්ට සුවය දීමට සහ පෙනීම අහිමි වූවන්ට පෙනීම ලබා දීමට සමත්, Jesus-level technologies ලෙසයි.
සයිබර් ප්‍රහාර සහ පුද්ගලිකත්වයට ඇති අවදානම
මෙම තාක්ෂණය රෝගීන්ට මහඟු ආශිර්වාදයක් වුවත්, සයිබර් ආරක්ෂණ විශේෂඥයන් මේ පිළිබඳව අනතුරු අඟවනවා. Griffith විශ්වවිද්‍යාලයේ විශේෂඥයෙකු වන ආචාර්ය David Tuffley පවසන්නේ, අනාගතයේදී Hackers ලාට මෙම chip හරහා මිනිසුන්ගේ සිතිවිලි සහ මතකයන් පවා සොරකම් කිරීමට හැකියාව ලැබිය හැකි බවයි.
එමෙන්ම, ස්මාර්ට් ජංගම දුරකථන මෙන් අනාගතයේදී සාමාන්‍ය මිනිසුන් ද එකිනෙකා සමඟ Digital telepathy හරහා සන්නිවේදනය කිරීමට මෙම චිප් බද්ධ කරගන්නා තත්ත්වයට පත්වනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා.
තාක්ෂණික ලෝකය මිනිසා සහ කෘතිම බුද්ධිය (AI) එකිනෙක මුසු කරන නවතම යුගයකට මේ වන විටත් පා තබා ඇති අතර, එහි පළමු ජයග්‍රහණය මෙලෙස චීනය තමන් සතු කරගත්තා.