සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති අවසන් 20යි 20 තරඟය අද පැවැත්වුණා.
එහිදී තියුණු සටනකින් පසු කඩුළු 5ක ජයක් ලබා ගැනීමට කොදෙව්වන් සමත් වුණා. ඒ අනුව 20යි 20 තරඟාවලිය 2-1ක් ලෙස ජයගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ ලකුණු 43ක් රැස් කළ අතර වනිඳු හසරංග කඩුළු 2ක් ලබාගත්තා. තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ Shamar Joseph.
දෙරට අතර පළමු ටෙස්ට් තරඟය එළඹෙන ජුනි 25 වනදා සිට පැවැත්වෙනවා.
Image credit: www.espncricinfo.com