ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවේ Dual Citizenship ගන්න කීයක් යනවද?

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවේ Dual Citizenship ගන්න කීයක් යනවද?

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගන්න විදිහ පියවරෙන් පියවර අපි කලින් articles කිහිපයකින්ම කතා කළා.

මේ සම්බන්ධව තිබෙන තවත් ලොකුම ප්‍රශ්නයක් තමයි ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය, එහෙමත් නැත්නම් Dual Citizenship එක ලබාගන්න යන වියදම් සහ ඒ සල්ලි ගෙවන්න ඕනේ නිවැරදි ක්‍රමවේදය මොකක්ද කියන එක. 

මේ ගෙවීම් ප්‍රධාන පියවර දෙකකින් සිද්ධ වෙනවා. අද අපි ඒ ගැන හරියටම දැනගමු.

 

  1. මුලින්ම ගෙවිය යුතු Application Processing Fee එක 

ඔයා අයදුම්පත භාරදෙන විට AUD 100ක මුදලක් Application Processing Fee එක විදිහට ගෙවිය යුතුයි. මීට අමතරව, ඔයා ලංකාවෙන් පිටත ලබාගත් වෙනත් විදේශීය සහතික ඉදිරිපත් කරනවා නම්, ඒවා සහතික කිරීම වෙනුවෙන් අමතර ගාස්තුවක් (Attestation fees) අය වෙන්න පුළුවන්. 

 

සල්ලි ගෙවන්නේ කොහොමද?

මෙල්බර්න් කොන්සල් ජනරාල් කාර්යාලයේ කවුන්ටරයෙන් අයදුම්පත දෙනවා නම් Debit Card මඟින් විතරක් ගෙවන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, Tap & Pay පහසුකම නැහැ. 

ඒ වගේම Personal/Company cheques සහ Credit Cards භාරගන්නේ නැහැ.

ඔයා South Australia හෝ Tasmania යන ප්‍රාන්ත දෙකෙන් එකක නම් ඉන්නේ, ඔයා මේ මුදල Postal Money Order (Australia Post) එකකින් හෝ Bank Draft එකකින් එවන්න ඕනේ. ඒක ලියන්න ඕනේ “Consulate General of Sri Lanka in Melbourne” යන නමට. ඔයාගේ අයදුම්පත Process වුණාට පස්සේ සල්ලි ගෙවපු රිසිට් එකේ Scanned copy එකක් ඔයාට Email එකෙන් එවනවා.

 

  1. අයදුම්පත අනුමත වූ පසු ගෙවිය යුතු ද්විත්ව පුරවැසි ගාස්තුව (Dual Citizenship Fee)

ඔයාගේ application එක approve වෙලා, ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඒක ස්ථිර කරලා ලියුම ලැබුණට පස්සේ තමයි මේ ප්‍රධාන ගාස්තුව ගෙවන්න ඕනේ. 

  • Main Applicant: 2000 USD
  • Spouse of Applicant: 500 USD
  • Unmarried Children below the Age of 22: 500 USD

වශයෙන් මේ සඳහා මුදල් අය කෙරෙනවා.

 

මේ සල්ලි ගෙවන්නේ කොහොමද?

ඔයාට අන්තරජාලය හරහා online මේ මුදල ගෙවන්න පුළුවන් (ගෙවීම් සිද්ධ වෙන්නේ ඇමරිකානු ඩොලර් වලින්).

නැත්නම් ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තියෙන Citizenship Division එකේ Shroff කවුන්ටරයට ගිහින් ගෙවන්න පුළුවන්. (සතියේ දිනවල උදේ 9.00 සිට දවල් 3.00 දක්වා විතරයි).

ඔයාට පෞද්ගලිකවම ශ්‍රී ලංකාවට ඇවිත් මේ සල්ලි ගෙවන්න අපහසු නම්, ඔයා වෙනුවෙන් ලංකාවේ ඉන්න වෙනත් කෙනෙකුට (Authorized person) මේ මුදල ගෙවන්න පුළුවන්. හැබැයි ඒකට ඔයා ඒ කෙනාට බලය පවරලා ලියපු ලියුමක්, Authorization letter එකක් එයාට දෙන්න ඕනේ.

 

Don't forget to share this post!

Recent Posts

901
June 22, 2026