ගොඩ යන Business රහසෙන්ම භාවිතා කරන Checklist එක දන්නවද?

  • Home
  • /
  • Blog
  • /
  • ගොඩ යන Business රහසෙන්ම භාවිතා කරන Checklist එක දන්නවද?

ව්‍යාපාරයක් සාර්ථක කරගන්න නිෂ්පාදනයක් විකුණන එක හෝ සේවාවන් සපයන එක විතරක් මදි. ඒ සඳහා අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ සේවාවන් නියමිත වේලාවට, නියමිත ප්‍රමිතියෙන් ලබා දෙන විශ්වාසවන්ත සැපයුම්කරුවන් (Suppliers) පිරිසක් සිටීම අත්‍යවශ්‍යයි.

යම් හෙයකින් ඔබේ සැපයුම්කරු ඔබට බාල බඩු ලබා දුන්නොත් හෝ වෙලාවට බඩු ටික Deliver නොකළොත්, ඉන් ඔයාගේ ව්‍යාපාරයේ කීර්ති නාමය සහ පාරිභෝගික විශ්වාසය බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසා, ඔබේ ව්‍යාපාරයට ගැළපෙනම සැපයුම්කරුවන් තෝරා ගන්නේ කෙසේද සහ ඔවුන් සමඟ වැඩ කරන්නේ කෙසේද කියා අද අපි බලමු.

 

  1. හොඳින් සොයා බලා තීරණ ගන්න 

ඕනෑම සැපයුම්කරුවෙක් තෝරා ගැනීමට පෙර ඔවුන් ගැන පොඩි Research එකක් කරන්න. ඔවුන් මීට පෙර වැඩ කර ඇති ආයතන මොනවාද? ඔවුන්ගේ නිෂ්පාදනවල ප්‍රමිතිය මොන වගේද? මිල ගණන් සාධාරණද? යන්න සොයා බලන්න. ඔබේ business එකේ ස්වභාවයට සහ Budget එකට වඩාත්ම ගැළපෙන, විශ්වාසවන්ත අය පමණක් තෝරා ගන්න.

 

  1. පැහැදිලි ගිවිසුමකට එළඹෙන්න (Negotiate a Contract)

හොඳ සැපයුම්කරුවෙක් හමු වූ පසු, දෙපාර්ශවයටම වාසි සහගත වන පරිදි සාකච්ඡා කර පැහැදිලි ලිඛිත ගිවිසුමකට එළඹෙන්න. එහි බඩු බාහිරාදිය සැපයිය යුතු කාලය, වෙලාව, ප්‍රමිතිය, මිල ගණන් සහ මුදල් ගෙවිය යුතු ක්‍රමවේදයන් පැහැදිලිව සඳහන් විය යුතුයි. මෙය පසුව ඇතිවිය හැකි ගැටලු බොහොමයක් මඟහරවා ගැනීමට උදවු වෙනවා.

 

  1. යහපත් ව්‍යාපාරික සබඳතාවක් පවත්වා ගන්න (Maintain Good Relationships)

සැපයුම්කරුවන් කියන්නේ ඔගේ business එකේම කොටස්කරුවන් පිරිසක්. ඒ නිසා ඔවුන් සමඟ නිරන්තරයෙන් ගෞරවනීය සහ සුහදශීලී සබඳතාවක් පවත්වා ගැනීම ඉතා වැදගත්. කිසියම් ගැටලුවක් මතු වූ සැනින් එය කේන්ති ගන්නේ නැතුව, සාකච්ඡා මාර්ගයෙන් ඉක්මනින් විසඳා ගැනීමට උත්සාහ කරන්න. එවිට ඔබේ ව්‍යාපාරික කටයුතු කිසිදු බාධාවකින් තොරව සුමටව කරගෙන යාමට ඔවුන්ගෙන් උපරිම සහයෝගය ලැබේවි.

Business එකක කරන කෙනෙක් විදිහට ඔයා මතක තබාගත යුතු දෙයක් තමයි, ඔබේ පාරිභෝගිකයා සතුටු කිරීමට නම්, මුලින්ම ඔබේ සැපයුම්කරු සමඟ ඇති සබඳතාව ශක්තිමත් විය යුතුයි කියන එක.

 

ඉතින් ඔයාගේ business එකෙත් සැපයුම්කරුවන් කළමනාකරණය කරන්න මේ Checklist එක උදව් වෙයි. ඔබේ පහසුව සඳහා මේ කරුණු ටික නිතරම මතක තබා ගන්න:

  • ඔබේ ව්‍යාපාරයට හරියටම ගැළපෙන සැපයුම්කරුවන් සොයා ගැනීමට හොඳින් වෙළෙඳපොළ අධ්‍යයනය කරන්න.
  • සෑම සැපයුම්කරුවෙකු සමඟම පැහැදිලි ලිඛිත ගිවිසුමකට අත්සන් කරන්න.
  • ඔවුන් සමඟ ඵලදායී මෙන්ම අන්‍යෝන්‍ය ගෞරවය රැකෙන සබඳතාවක් පවත්වා ගන්න.
  • කාලයත් සමඟ ඔබේ ව්‍යාපාරික අවශ්‍යතා වෙනස් වන විට, ඔබේ සැපයුම්කරුවන්ගේ සේවාවන් ද නැවත Review කරන්න.

 

Don't forget to share this post!

Recent Posts

908
June 29, 2026