Dual Citizenship Apply කළාට පස්සේ අතරමං නොවී වැඩ ටික ලේසියෙන්ම කරගන්නේ කොහොමද?

ඕස්ට්‍රේලියාවේ සිටින ඔයාට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට වැදගත් වෙන ගොඩක් දේවල් ගැන අපි කලින් articles  ගණනාවකින් කතා කළා. මේ තමයි ඒ articles series එකේ අන්තිම article එක.

ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට උනන්දුවක් දක්වනවා. ඔබත් Consulate General කාර්යාලය හරහා මේ සඳහා අයදුම්පතක් ඉදිරිපත් කර ඇත්නම් හෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඊට අදාළ වෙන සුදුසුකම්, අයදුම් කළ යුතු ආකාරය, මේ ක්‍රියාවලිය සඳහා අය කරන ගාස්තු ආදිය ගැන කලින් articles වලදි අපි කිවා. 

අද අපි කියන්නේ apply කළාට පස්සේ  ක්‍රියාවලිය සිදුවන ආකාරය ගැනයි.

 

  1. අයදුම්පතේ වත්මන් තත්ත්වය එහෙමත් නැත්නම් Status එක පරීක්ෂා කරන්නේ කොහොමද?

ඔයාගේ අයදුම්පත කොන්සල් ජනරාල් කාර්යාලය විසින් භාරගත් පසු, එය ලංකාවේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලබනවා. ඒ පිළිබඳව ඔබට Email එකක් මගින් දැනුම් දෙනවා.

ඉන්පසු ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට එම අයදුම්පත ලැබුණු බව තහවුරු කරමින් ඔවුන් සෘජුවම ඔබට තවත් email එකක් එවනවා.

අයදුම්පත පද්ධතියට ඇතුළත් කර Processed කරාට පසු, ඔබට පහත link එකෙන් ගිහින් status එක පරීක්ෂා කළ හැකියි.

http://119.235.9.140:8080/DualCitVisaStatus/index.faces 

 

පරීක්ෂා කරන ක්‍රමය: Consulate General කාර්යාලයෙන් ඔබට නිකුත් කළ receipt එකේ ඉහළින්ම ඇති Reference Number එක එහි ඇති “Existing reference number” කියන කොටුවට ඇතුළත් කරන්න. 

උදාහරණයක් ලෙස; AUS/MEL/DC/ (ඔබේ අංකය). ඉන්පසු ඔබේ උපන් දිනය ඇතුළත් කර status එක පරීක්ෂා කළ හැකියි.

 

  1. ද්විත්ව පුරවැසි සහතිකය ලබා ගන්නේ කොහොමද?

ද්විත්ව පුරවැසි සහතික නිකුත් කරනු ලබන්නේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් පමණයි.

ඔබට පෞද්ගලිකවම කොළඹට ගොස් සහතිකය ලබා ගැනීමට නොහැකි නම්, ඒ සඳහා වෙනත් අයෙකු Nominate කිරීමට ඔබට අවස්ථාව තිබෙනවා.

ඒ සඳහා ඔබ විසින් වෙනත් අයෙකුට සහතිකය භාරදීමට කැමති බව සඳහන් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුම් දිය යුතුයි.

 

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශය සම්බන්ධ කර ගැනීමට:

දුරකථන අංකය: +94 1153 290 000 

Ext. 9475

Email: accit@immigration.gov.lk 

 

  1. ද්විත්ව පුරවැසිභාවය ලැබීමෙන් පසු ඕස්ට්‍රේලියානු Passport එකෙන් ලංකාවට යන්නේ කොහොමද?

ඔබ ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමෙන් පසුවත් ලංකාවට පැමිණීමට ඔබේ Australian Passport එක භාවිතා කරන්නේ නම්, visa නොමැතිව ලංකාවට ඇතුළු වීම සඳහා කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන කවුන්ටරය වෙත ඔබේ ද්විත්ව පුරවැසි සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ යුතුයි.

ඔබ දිගින් දිගටම ලංකාවට පැමිණීමට ඕස්ට්‍රේලියානු passport එක භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබ ලංකාවට පැමිණි අවස්ථාවක බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට ගොස් ඔබේ ඕස්ට්‍රේලියානු passport එකේ ”HOLDER IS A DUAL CITIZEN” (මොහු ද්විත්ව පුරවැසියෙකි) යන Endorsement එක සටහන් කර ගැනීම වඩාත් හොඳයි. එමඟින් ඉදිරි ගමන් බිමන්වලදී සිදුවන ප්‍රමාදයන් මඟහරවා ගත හැකියි.

Don't forget to share this post!

Recent Posts