Customers ලා වැඩි කරගන්න Business එකේ කළ යුතු පුංචිම වෙනස මෙන්න!

  • Home
  • /
  • Blog
  • /
  • Customers ලා වැඩි කරගන්න Business එකේ කළ යුතු පුංචිම වෙනස මෙන්න!

ඕනෑම ව්‍යාපාරයකට බලාපොරොත්තු නොවන අභියෝග හෝ අනපේක්ෂිත සිදුවීම් ඕනෑම වෙලාවක ඇති වෙන්න පුළුවන්. ඔයා කලින්ම සූදානම් වී සිටියේ නැත්නම්, මේවායින් ඔයාගේ business එකට වෙන බලපෑම ඉතාමත් වැඩියි. ඔයාගේ business එක ශක්තිමත්, ඔරොත්තු දෙන සහ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දිය හැකි පරිදි සකස් කර ගැනීමට නම් ඔයාට ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි.

අපි මීට පෙර සාකච්ඡා කරපු ඔයාගේ Brand එක සහ reputation එක ආරක්ෂා කර ගැනීම යටතේ අද අපි කතා කරන්නේ ඕනෑම business එකකට ඉතාමත් වැදගත් දෙයක් වන ‘තිරසාර පැවැත්ම’ ගැනයි.

 

‘තිරසාර ව්‍යාපාරයක්’ හෙවත් Sustainable Business එකක් කියන්නේ මොකක්ද?

තිරසාර පැවැත්මක් ඇති කර ගැනීම මගින් ඔයාගේ business එකට ඕනෑම දැඩි කාලවකවානුවකට ඔරොත්තු දීමේ හැකියාව ලැබෙනවා. අද වන විට ලෝකය පුරාම, මිනිසුන්ට හෝ පරිසරයට හානියක් නොවන අයුරින් නිපදවන Eco-friendly products & services සඳහා පාරිභෝගික ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

ඔයාටත් ඔබේ පාරිභෝගිකයන්ටත් වඩාත්ම වැදගත් වන තිරසාර අරමුණු, ඉලක්ක සහ ක්‍රියාමාර්ග මොනවාද යන්න මුලින්ම තේරුම් ගන්න. එය වටහා ගත් පසු, එම අරමුණු සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට පැහැදිලි සැලසුමක් හදාගන්න පුළුවන්.

 

ව්‍යාපාරයක් විදිහට තිරසාර වීමට අනුගමනය කළ යුතු දේවල් 

ඔයාගේ business එක පරිසර හිතකාමී සහ තිරසාර එකක් බවට පත් කිරීමට මෙන්න මේ පියවර 3 අනුගමනය කරන්න;

  • ප්‍රධාන අරමුණු තෝරාගන්න: ඔයා වැඩිපුර අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන තිරසාර අරමුණු සහ ඉලක්ක මොනවාදැයි මුලින්ම තීරණය කරන්න උදාහරණ විදිහට; ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, බලශක්තිය ඉතිරි කිරීම.
  • Action plan එකක් සහ policies සකසන්න: එම ඉලක්ක කරා යාම සඳහා ඔබට සහ ඔබේ සේවකයින්ට මග පෙන්වන “තිරසාර ක්‍රියාකාරී සැලසුමක්” හෙවත් Sustainability action plan එකක් සහ ආයතනික ප්‍රතිපත්ති මාලාවක් නිර්මාණය කරගන්න.
  • සැලසුම් නිතර යාවත්කාලීන කරන්න: ඔයා සකස් කරගත් sustainability action plan එක අවම වශයෙන් වසරකට වරක්වත් සමාලෝචනය කරලා Update කරන්න අමතක කරන්න එපා.

 

මතක තබාගත යුතු වැදගත් දෙයක් තමයි වර්තමාන වෙළඳපොළ තුළ පරිසරයට සහ සමාජයට හිතකාමී විදිහට කටයුතු කරන ව්‍යාපාරවලට පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ගෞරවය සහ විශ්වාසය ඉතාමත් ඉහළයි කියන එක. එක ඔයාගේ brand එකේ දිගුකාලීන පැවැත්මට කෙලින්ම බලපානවා.

ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔයාගේ business එක වඩාත් සාර්ථක කරගැනීම සඳහා මේ වගේ තවත් වටිනා දේවල් දැනගන්න සන්නස Digital සමඟ දිගටම රැඳී සිටින්න!

Image credit: www.newswire.lk 

Don't forget to share this post!

Recent Posts

931
July 7, 2026