Invest කරන්න තියා ඉතුරු කරන්නවත් සල්ලි නැද්ද? අතේ සල්ලි නැතත් ගොඩ යන හැටි දැනගන්න අනිවාර්යයෙන් කියවන්න!

  • Home
  • /
  • Blog
  • /
  • Invest කරන්න තියා ඉතුරු කරන්නවත් සල්ලි නැද්ද? අතේ සල්ලි නැතත් ගොඩ යන හැටි දැනගන්න අනිවාර්යයෙන් කියවන්න!

අතීතයේදී නම් මුදල් ඉතුරු කිරීම කියන්නේ මූල්‍ය සුරක්ෂිතතාවයට තිබුණු පහසුම සහ පැහැදිලිම පාරක්. මහන්සි වෙලා හම්බකරන සල්ලි බැංකුවේ දැම්මා, ඒ සල්ලි වලට පොලියත් එකතු වුණා, අන්තිමේදී ගෙයක් දොරක් හදාගෙන විශ්‍රාම කාලයටත් කීයක් හරි ඉතුරු කරගත්තා.

හැබැයි අද කාලේ ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ජීවන වියදම අහස උසට නැගලා, උද්ධමනය ඉහළ ගිහින් නිසා මාසේ වියදම් පියවා ගන්න එකම ලොකු සටනක් වෙලා තියෙනවා. මේ හැමදේමත් එක්ක “සල්ලි ඉතුරු කිරීම” කියන එක කරන්නම බැරි දෙයක් කියලා ඔයාට හිතෙන්න පුළුවන්.

ඒ වගේ අද වෙනකොට ගොඩක් දෙනා ඉතිරි කිරීම කාලීන විසඳුමක් නෙවෙයි කියලා හිතන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත්, වර්තමාන ආර්ථික රටාව ඇතුළේ මුදල් ඉතුරු කිරීම පමණක්ම ප්‍රමාණවත් නොවුණත්, බැංකුවේ සල්ලි ටිකක් ඉතිරි කර තිබීම තවමත් ඔබට කළ හැකි හොඳම ආයෝජනයක්. 

ඉතින් අද article එකෙන් අපි කතා කරන්නේ ඔබ අමාරුවෙන් හෝ මුදල් ඉතුරු කළ යුතු ප්‍රධාන හේතු 5ක් ගැන. ඔයා කොහොමහරි යම් මුදලක් ඉතිරි කරගත්තොත් ඒක ඔයාගේ මුළු ජීවිතයම වෙනස් කරන්න උදව් වේවි.

 

  1. හදිසි අවස්ථාවලදී රැකවරණයක් වීම (An Emergency Buffer)

ජීවිතේ කියන්නේ බලාපොරොත්තු නොවන දේවල් සිද්ධ වෙන තැනක්. හදිසියේම රක්ෂාව අහිමි වීමක් හෝ වාහනයක් කැඩීමක් වැනි අවස්ථාවකදී බැංකුවේ ඇති ඉතුරුම් ඔබට විශාල සහනයක් වෙනවා. එය ඔබව ණය උගුල්වලින් බේරා ගන්නා අතර, අනවශ්‍ය මානසික ආතතියෙන්ද මුදවා ගන්නවා.

 

  1. අනාගතයේදී නිවසක් මිලදී ගැනීමට 

අද කාලේ ගෙවල්වල මිල ගණන් දැක්කාම බය හිතුණත්, කවදා හරි දවසක නිවසක් මිලදී ගැනීමට නම් මූලික තැන්පතුවක් හෙවත් Deposit එකක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. අනාගතයේදී නිවාස වෙළඳපොළේ මිල ගණන් යම් හෙයකින් අඩු වුවහොත්, ඒ වාසිය මුලින්ම ලබාගත හැක්කේ මූලික තැන්පතුව සූදානම් කරගෙන සිටින අයටයි. ඒ නිසා අදම පොඩියට හෝ පටන් ගන්න.

 

  1. වෙනත් ආයෝජන අවස්ථා සඳහා 

කොටස් වෙළඳපොළ (Shares) හෝ බැඳුම්කර (Bonds) වැනි වෙනත් ක්‍රම ඔස්සේ මුදල් ආයෝජනය කර ඔබේ ධනය වර්ධනය කර ගැනීමට මෙම ඉතුරුම් භාවිතා කරන්න පුළුවන්. ණයට මුදල් ලබාගෙන Invest කරනවාට වඩා, තමන් සතු ඉතුරුම් මුදල් ආයෝජනය කිරීමෙන් Risk එක අවම කරගන්න පුළුවන්.

 

  1. වියදම් පාලනය පහසු කිරීම 

ඔබට Automated Saving ක්‍රමයක් හරහා ඉතුරුම් කටයුතු සිදු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට, ඔබේ වැටුප ලැබෙන විටම එයින් කොටසක් automatically, Savings Account එකකට බැර වන සේ සකස් කරන්න පුළුවන්. එවිට ඉතිරි වන මුදල කිසිදු බයක් හෝ පසුතැවීමක් නැතුව එදිනෙදා අවශ්‍යතාවලට වියදම් කරන්න ඔයාට නිදහස ලැබෙනවා.

 

  1. බැංකු පද්ධතිය තුළ ඔබේ මුදලට ලැබෙන ආරක්ෂාව 

ඕස්ට්‍රේලියාවේ licensed banks and credit unions හෙවත් ADI වල තැන්පත් කරන මුදල් Financial Claims Scheme (FCS) එක යටතේ රක්ෂණය කර තිබෙනවා. යම් හෙයකින් බැංකුවකට ගැටලුවක් මතු වුවහොත්, එක් අයෙකුට එක් ADI එකකින් ඩොලර් 250,000ක් දක්වා වූ තැන්පතු මේ යටතේ සම්පූර්ණයෙන්ම ආරක්ෂා කෙරෙනවා..

 

අවසාන වශයෙන් මතක තබා ගන්න,

දැනට පවතින ආර්ථික පීඩනයත් එක්ක ඔයාට කිසිවක් ඉතුරු කරගන්න බැරි නම්, ඒ ගැන සිතා අධික ලෙස පසුතැවෙන්න එපා. ඔයා තනිවෙලා නැහැ. මෙවැනි තත්ත්වයකදී මූල්‍ය උපදේශකයෙකු (Financial Counsellor) හමු වෙලා නොමිලේ උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. ඔවුන් ඔයාට මුදල් ඉතුරු කරගත හැකි නිවැරදි මඟ පෙන්වයි..

Don't forget to share this post!

Recent Posts

936
July 8, 2026