පෙර පාසල් අධ්‍යාපනයේ සිට secondary school, higher education, vocational education and training, adult and community education සහ private tutoring දක්වා සෑම මට්ටමකම ඉගැන්වීම් සහ පුහුණු කිරීම් සිදු කරන්නේ Education and Training Industry මඟිනුයි.
මේ ක්ෂේත්රයේ නියුතු බහුතරයක් දෙනා ගුරුවරුන්, කථිකාචාර්යවරුන්, පුහුණුකරුවන් හෝ උපදේශකයන් ලෙස සේවය කරන අතර, තවත් සුළු පිරිසක් අධ්‍යාපන සහායකයන් (Education Aides), වෘත්තීය උපදේශකයන් (Careers Counsellors) සහ විද්‍යාගාර තාක්ෂණ ශිල්පීන් (Laboratory Technicians) ලෙස අධ්‍යාපන සහාය සේවාවල නිරත වෙනවා.
රැකියා නියුක්තියේ කැපී පෙනෙන වර්ධනයක්
පසුගිය වසර දෙස බලන විට මෙම ක්ෂේත්රයේ රැකියා නියුක්තිය 4.9% ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එය සමස්ත ජාතික රැකියා නියුක්තියෙන් 9%ක් පමණ වෙනවා. මෙය දිගුකාලීන ප්රවණතාවයක පැහැදිලි ලක්ෂණයක් වන අතර, පසුගිය වසර 10 ක කාලය තුළ අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්රයේ රැකියා නියුක්තිය 35% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.
ඇබෑර්තු බහුල වුවත් පුහුණු ශ්‍රමයේ අඩුවක්?
පසුගිය වසර පුරා මේ ක්ෂේත්රයේ පවතින Job Vacancies සංඛ්‍යාව තරමක් දුරට පහත වැටී තිබුණද, කොවිඩ් වසංගතයට පෙර (2020 පෙබරවාරි) පැවති මට්ටමට වඩා තවමත් 75% ක පමණ ඉහළ අගයක පවතිනවා. මෙයින් පැහැදිලි වන්නේ ක්ෂේත්රය තුළ තවමත් විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් පවතින බවයි.
කෙසේ වෙතත්, මේ වන විට අධ්‍යාපන ක්ෂේත්රයේ වැඩිම පිරිසක් සේවය කරන ප්‍රධාන වෘත්තීන් කිහිපයක් සඳහා බරපතල Skill Shortage එකක් පවතින බව වාර්තා වෙනවා.
මෙම ක්ෂේත්රයේ ඉහළම අවස්ථා පවතින වෘත්තීන් වන්නේ;
- Primary School Teachers
- Secondary School Teachers
- Education Aides
- University Lecturers and Tutors
- Child Carers
- Early Childhood Teachers
- Vocational Education Teachers
අනාගතය වෙනුවෙන් දැනුමෙන් සහ කුසලතාවලින් පිරිපුන් පරපුරක් බිහි කිරීමට ඇති අවශ්‍යතාවය දිනෙන් දින ඉහළ යන බැවින්, මෙම ක්ෂේත්රයේ පවතින රැකියා ඉල්ලුම ඉදිරියටත් ස්ථාවරව පවතිනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.