අතුරුදහන් වූ අද්භූත අඟහරු හඳ කරපු දේ මෙන්න!

අපි කවුරුත් හිතාගෙන ඉන්නේ අඟහරු (Mars) කියන්නේ රතු පාට, රවුම් බෝලයක් වගේ ග්‍රහලෝකයක් කියලනේ. හැබැයි විද්‍යාඥයන් දැන් හොයාගෙන තියෙනවා අඟහරු ඇත්තටම රවුම් නැහැ කියලා!

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන අනෙක් පාෂාණමය ග්‍රහලෝක වගේ නෙවෙයි, Mars වල හැඩය ටිකක් අමුතුයි. Science වලදී අපි මේකට කියන්නේ Triaxial Ellipsoid එකක් කියලා. සරලවම කිව්වොත් මේක හරියට Rugby බෝලයක් වගේ හැඩයක්! එහි අක්ෂ තුනේම ප්‍රමාණයන් එකිනෙකට වෙනස්.

අඟහරුගේ මේ අමුතු හැඩය වඩාත්ම හොඳින් බලාගන්න පුළුවන් වෙන්නේ එහි තියෙන Tharsis Rise කියන උස් වුණු ප්‍රදේශයෙන් සහ ඊට හරියටම ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන Syrtis Major කියන කලාපයෙනුයි.

 

මේ හැඩයට හේතුව අතුරුදන් වුණු ‘පුරාණ හඳක්ද’?

ඇයි අඟහරු මේ වගේ හැඩයක් ගත්තේ කියන එක ගැන විද්‍යාඥයන්ට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඔන්න දැන් US Naval Observatory එකේ තාරකා විද්‍යාඥයෙක් වෙන Dr Michael Efroimsky මේකට අපූරු අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා.

ඔහු පවසන විදිහට අතීතයේදී Mars වටා කැරකුණු, දැන් අතුරුදන් වෙලා තියෙන දැවැන්ත හඳක් නිසා මේ හැඩය නිර්මාණය වෙන්න ඇති. රෝම යුද දෙවියන්ගේ සහකාරියගේ නමෙන් මේකට Nerio කියලා නමක් තබලා තියෙනවා. අපේ පෘථිවියේ තියෙන හඳ නිසා සාගර රළ ඇතිවෙනවා වගේ (Tidal forces), මේ Nerio කියන හඳ නිසා අතීතයේදී අඟහරුගේ හැඩය වෙනස් වෙන්න ඇති කියලයි ඔහු කියන්නේ.

පස්සේ කාලෙක අඟහරු ලෝකය ක්‍රමයෙන් සිසිල් වෙද්දී, අර ඇදිලා තිබුණු අමුතු හැඩය ඒ විදිහටම ගල් වෙලා තියෙනවා.

 

ගිනිකඳු පුපුරන්නත් මේක හේතුවක් වෙලා! 

Nerio ගේ මේ ඇදීමේ බලපෑම හෙවත් Tidal forces නිසා අඟහරුගේ ඇතැම් ප්‍රදේශ දුර්වල වෙලා, ග්‍රහලෝකය ඇතුළතින් සිදුවුණු භූ තැටි චලන සහ දැවැන්ත ගිනිකඳු පිපිරීම් වලට පවා ලෙහෙසියෙන්ම මඟ පෑදුණා. අඟහරු එක පැත්තකින් විතරක් මෙච්චර අසමමිතික වෙන්න ඒකත් හේතුවක්.

පර්යේෂකයන් කියන විදිහට අපේ හඳෙන් තුනෙන් එකකට වඩා අඩු ස්කන්ධයක් තිබුණු හඳක් Mars වටා Synchronous Orbit එකක තිබුණා නම්, මේ වගේ රග්බි බෝල හැඩයක් ලෙහෙසියෙන්ම හැදෙන්න පුළුවන්. විශේෂයෙන්ම අඟහරු ලෝකයේ ලාවා සාගර තිබුණු කාලෙක Nerio හිටියා නම් මේ නෙරීම තවත් විශාල වෙන්න ඇති.

 

කෝ ඉතින් දැන් ඒ හඳ?

දැන් ඉතින් අඟහරු වටා මෙහෙම ලොකු හඳක් නැහැ. අපිට දකින්න ලැබෙන්නේ Deimos සහ Phobos කියන ඉතාමත් කුඩා චන්ද්‍රයන් දෙන්නා විතරයි. ඒ කියන්නේ අතීතයේ යම් කිසි මොහොතක මේ Nerio කියන හඳ සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න ඇති, නැත්නම් වෙනත් බරපතළ ආකාශ වස්තුවක ගුරුත්වාකර්ෂණයට අහුවෙලා අඟහරුගේ කක්ෂයෙන් ඈතට විසිවෙලා යන්න ඇති.

කොහොම වුණත්, අඟහරුගේ මේ “රග්බි බෝල” රහස අභ්‍යවකාශ ලෝලීන් අතර නම් දැන් ලොකු කුතුහලයක් ඇති කරලා තියෙනවා!

Don't forget to share this post!

Recent Posts