Football match එකක් බලද්දී ඔයාට කවදා හරි හිතිලා තියෙනවද ඇයි එකම team එක, එක එක match වලට එක එක පාටින් jerseys අඳින්නේ කියලා? ඔයා හොඳ football fan කෙනෙක්නම් දැනටමත් උත්තරේ දන්නවා. ඉතින් මේ ගැන නොදන්නා අයට අද අපි කියන්න යන්නේ මේ jerseys දෙකේ තියෙන ඇත්තම වෙනස සහ ඒ පිටිපස්සේ තියෙන රසවත් කතාව ගැනයි.
සමහර විට මේ Home Kit සහ Away Kit කියන වචන 2 ඔයා අහලා ඇති. මේක football වලදී විතරක් නෙවෙයි වෙනත් ක්‍රීඩා වලදීත් දැකගන්න පුළුවන් දෙයක්.
Home vs Away: මොකක්ද වෙනස?
සරලවම කිව්වොත්, Home Jersey එකක් කියන්නේ club එකක එහෙමත් නැත්නම් රටක අනන්‍යතාවය නිරූපණය කරන jersey එක. තමන්ගේම ක්‍රීඩාංගණයක, ඒ කියන්නේ Home Stadium එකක match එකක් ගහද්දී අඳින්නේ මේක. මේ jersey එකට පාවිච්චි කරන්නේ ඒ club එකේ සාම්ප්‍රදායික, ප්‍රධාන පාටවල්.
හැබැයි Away Jersey එකක් කියන්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. තමන්ගේ පිට්ටනියෙන් පිටත, වෙනත් team එකක ක්‍රීඩාංගණයකට ගිහින් සෙල්ලම් කරද්දී ප්‍රතිවාදී කණ්ඩායමේ jersey එකේ පාට එක්ක පැටලෙන්නේ නැති වෙන්න, එහෙමත් නැත්නම් Colour Clash එකක් නොවෙන්න අඳින එක තමයි මේක. මේක home jersey එකට වඩා ටිකක් වෙනස්, bold designs Away jersey වලට පාවිච්චි කරනවා.
හැම Away jersey එකක්ම සුදු පාටද?
නැහැ! ගොඩක් අය හිතන් ඉන්නේ Away jerseys සුදු පාටයි කියලා. ඒකට හේතුව සුදු පාට ඕනෑම තද පාටක් එක්ක ලේසියෙන් කැපිලා පේන නිසා. හැබැයි එහෙම නීතියක් නැහැ.
Real Madrid කණ්ඩායම home jersey එක විදිහට අඳින්නෙම සුදු පාට. ජර්මනිය සමහර කාලවලදී රෝස පාට Away jersey එකක් ඇන්දා. එංගලන්තය රතු පාටින් Away සෙල්ලම් කරනවා.
නීතිය වෙන්නේ, ප්‍රතිවාදී team එකේ පාටට වඩා පැහැදිලිව වෙනස් වෙන්න ඕනේ කියන එක විතරයි.
ඇයි මෙහෙම නීතියක් ආවේ?
මේක අද ඊයේ ආපු දෙයක් නෙවෙයි, අවුරුදු 100කට වඩා පරණ ඉතිහාසයක් තියෙනවා. 1890 තරම් ඈත අතීතයේදී ‘Football League’ එකෙන් නීතියක් දැම්මා හැම club එකක්ම තමන්ටම කියලා අනන්‍ය පාටක් register කරන්න ඕනේ කියලා. ඊට පස්සේ 1921 දී ඒක තවත් පැහැදිලි කළා, මැච් එකක් වෙලාවට පාටවල් පැටලුණොත්, jersey එක මාරු කළ යුත්තේ Visiting Team එක මිසක් හෝම් ටීම් එක නෙවෙයි.
Third Kit එකක් කියන්නේ මොකක්ද?
සමහර වෙලාවට Home jersey එකයි, Away jersey එකයි දෙකම ප්‍රතිවාදී ටීම් එකේ පාටවල් එක්ක පැටලෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට තමයි Third Kit එකක් පාවිච්චි කරන්නේ. 1993-94 season එකේ Sheffield Wednesday සහ Newcastle match එකකදී දෙගොල්ලන්ගේම jerseys කලවම් වුණු නිසා තමයි මේ සංකල්පය ප්‍රසිද්ධ වුණේ. මෙන්න මේ ජර්සි තමයි ලෝකේ තියෙන සුපිරිම සහ ලස්සනම designs වලින් එන්නේ.
ඔයා ගන්න ඕනේ Home එකද? Away එකද?
ඔයා අලුත් football fan කෙනෙක්නම්, මොකක්හරි club එකක හරි රටක හරි jersey එකක් මුල්ම වතාවට ගන්න හදනවා නම්, දැන් ඔයා හිතනවා ඇති මං මොකක්ද ගන්න ඕන jersey එක කියලා?!
ඒක ඔයාට ඔයාගේ කැමැත්ත අනුව තීරණය කරන්න පුළුවන්. හැබැයි හැමදාටම වටින්නේ Home Kit එකක් ගන්න එක. මොකද ඒක තමයි club එකේ/රටේ නියම අනන්‍යතාවය. හැබැයි ඔයා ටිකක් වෙනස්, ලස්සන design එකකට ආස නම් සහ ඒ season එකේ design එක පට්ටම ලස්සනයි නම් Away Kit එකක් ගන්නත් පුළුවන්.
දන්නවාද?
2013 දී Napoli කණ්ඩායම Away jersey එකෙන් දිගටම දිනපු නිසා, වාසනාවට කියලා තමන්ගේ Home match වලටත් ඇන්දේ සුදු පාට Away jersey එක! නීතිමය වශයෙන් ප්‍රතිවාදී team එකේ පාට එක්ක ගැටලුවක් නැත්නම් තමන්ගේ පිට්ටනියේ වුණත් Away jersey එකක් අඳින්න කිසිම තහනමක් නැහැ.
Image credit: www.facebook.com/Farukanimationofficials