Messi නාවපු බබා Messi ට එරෙහිව ලෝක කුසලානයට

පාපන්දු ලෝලීන් මාසයකට වඩා වැඩි කාලයක් ඇඟිලි ගැන ගැන බලාගෙන හිටපු ඒ මොහොත උදා වෙන්න තව තියෙන්නේ පැය කිහිපයක් විතරයි. FIFA World Cup 2026 පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයට ලෝකයේ සුපිරිම කණ්ඩායම් දෙකක් තේරී පත් වෙලා ඉවරයි. මෙම ඉරිදා, ඒ කියන්නේ ජූලි 19 වෙනිදා උදෑසන 5.00 ට (AEST වේලාවෙන්), නිව්යෝර්ක් හි නිව් ජර්සි ක්‍රීඩාංගණයේදී වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව සහ යුරෝපීය ශූර ස්පාඤ්ඤය රන් කුසලානය වෙනුවෙන් එකිනෙකාට එරෙහිව පිටියට බහිනවා.

මේ තරගය නිකන්ම නිකන් තරගයක් නෙවෙයි. මේක පරම්පරා දෙකක සුපිරිම ගැටුමක්! පාපන්දු ඉතිහාසයේ බිහිවුණු විශිෂ්ටතම ක්‍රීඩකයෙක් වන 39 හැවිරිදි Lionel Messi සහ ස්පාඤ්ඤයේ අනාගත බලාපොරොත්තුව වන 19 හැවිරිදි නවක සුපිරි තරුව Lamine Yamal මුහුණට මුහුණ හමුවන පළමු ජාත්‍යන්තර තරගය තමයි මේක. 

මෙසී නාවපු බබා අද මෙසීට එරෙහිව final ගහනවා!

මේ තරගයට තවත් සුවිශේෂී වටිනාකමක් එකතු කරන, මේ දවස්වල සමාජ මාධ්‍ය පුරා අතිශය Viral වෙන අපූරු කතාවක් තියෙනවා. ඒ තමයි මීට අවුරුදු 18කට කලින් ගත්ත එකම එක ඡායාරූපයක්!

 

UNICEF මතකය:

මීට අවුරුදු 18කට වඩා වැඩි කාලයකට කලින්, Lamine Yamal මාස කිහිපයක සිඟිත්තෙකු කාලයේදී ඔහුගේ මව වන Sheila සමඟ UNICEF fundraising photo shoot එකක් සඳහා ලියොනෙල් මෙසීව හමුවුණා.

එදා ඒ Charity Calendar එකට ලබාගත් photo එකේ තිබුණේ තරුණ මෙසී විසින් පුංචි යමාල්ව නාවන අපූරු දර්ශනයක්. කවුද හිතුවේ එදා මෙසීගේ අතින් නෑවුණු ඒ පුංචි බබා, අද ලෝක කුසලාන අවසන් මහා තරගයකදී මෙසීටම එරෙහිව සටන් කරන්න තරම් සුපිරි තරුවක් වෙයි කියලා?

මේ ඓතිහාසික මතකය UNICEF ආයතනය විසින් ඔවුන්ගේ නිල X ගිණුම හරහා නැවත මතක් කරලා තිබුණා. ක්‍රීඩාවෙන් වගේම ඉන් පිටතදීත් මෙසී සහ යමාල් දෙන්නම UNICEF Goodwill Ambassadors විදිහට ලෝකය පුරා ඉන්න අසරණ දරුවන් වෙනුවෙන් තමන්ගේ හඬ අවදි කරන බවත් ඔවුන් ආදරයෙන් මතක් කර සිටියා.

 

අවසන් මහා තරගයට ආපු ගමන

ආර්ජන්ටිනාව: අවසන් පූර්ව තරගයේදී එංගලන්තය හමුවේ 1-0ක් ලෙස පසුපසින් සිටියත්, මෙසීගේ සුපිරි ක්‍රීඩා විලාසය නිසා Enzo Fernández සහ Lautaro Martínez ගෝල ලබාගනිමින් 2-1ක් ලෙස එංගලන්තය පරදා ආර්ජන්ටිනාව අවසන් මහා තරගයට රැගෙන ආවා.

ස්පාඤ්ඤය: කිසිම කරදරයක් නැතුව ප්‍රංශය 2-0ක් ලෙස පරාජය කරමින් Lamine Yamal ඇතුළු තරුණ බලඇණිය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. ඒ වගේම ප්‍රංශයේ  Kylian Mbappéගේ දෙවැනි ලෝක කුසලාන හීනයත් ඔවුන් බොඳ කර දැමුවා.

 

Head-to-Head වාර්තාව

ඉතිහාසය දෙස බැලුවොත් කණ්ඩායම් දෙකම කරට කර සිටින බව පෙනී යනවා.

දෙරට අතර පැවැත්වුණු මුළු තරග ගණන 14ක් වන අතර ඉන් තරඟ 2 බැගින් දෙරටම ජයග්‍රහණය කර ඇති අතර තරඟ 2ක් ජය පරාජයෙන් තොරව නිම වුණා. 

ලෝක කුසලාන ඉතිහාසයේ මේ කණ්ඩායම් දෙක මීට කලින් හමුවෙලා තියෙන්නේ එකම එක වතාවක් විතරයි. ඒ මීට අවුරුදු 60කට කලින්, ඒ කියන්නේ 1966 ලෝක කුසලාන කාණ්ඩ වටයේදීයි. එදා ආර්ජන්ටිනාව 2-1ක් ලෙස ස්පාඤ්ඤය පරාජය කළා. 

 

තරග කාලසටහන 

මේ සුපිරි තරගය පැවැත්වෙන්නේ අමෙරිකාවේ නිව් ජර්සි හි පිහිටි, 82,500කට අධික පිරිසකට අසුන් ගත හැකි සුප්‍රසිද්ධ ‘New York New Jersey Stadium එකේදීයි.

දිනය: 2026 ජූලි 20 (සඳුදා)

වේලාව: AEST වේලාවෙන් පෙරවරු 5:00ට 

 

තරගය සජීවීව නරඹන්නේ කොහොමද? 

ලෝකය පුරාම සිටින ප්‍රේක්ෂකයන්ට ප්‍රධාන පෙළේ ක්‍රීඩා නාලිකා ඔස්සේ මේ තරගය සජීවීව නරඹන්න පුළුවන්. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ සිටින අපේ අයට SBS නාලිකාව සහ SBS On Demand ඔස්සේ මේ සුපිරි තරගය නොමිලයේම සජීවීව නැරඹීමේ හැකියාව තිබෙනවා.

මෙසී තමන්ගේ අවසන් ලෝක කුසලාන සිහිනය සැබෑ කරගෙන ආර්ජන්ටිනාවට 4 වැනි ලෝක කුසලානයත් අරන් දෙයිද? නැත්නම් යමාල් ප්‍රමුඛ තරුණ ස්පාඤ්ඤ බලකාය ඔවුන්ගේ 2 වැනි ලෝක කුසලාන ජයග්‍රහණය වාර්තා කරයිද? සඳුදා අලුයම බලාගමු!

Image credit: www.bbc.com

Don't forget to share this post!

Recent Posts