තමන්ගේම මිදුලෙන් ලාභයක් ගමුද? ඕස්ට්‍රේලියානුවන්ගේ රහස දැනගන්න දැන්ම කියවන්න!

ඔබ කවදා හරි නිවසේ ඉඳන් මිදුල දිහා බලලා, “මේ ඉඩෙන් මීට වඩා වැඩක් ගන්න බැරිද?” කියලා හිතලා තියෙනවාද? නැත්නම් ගෙදර කලබලයෙන් මිදිලා නිදහසේ වැඩක් කරගන්න පොඩි කාමරයක්, එහෙමත් නැත්නම් වෙනමම Office Space එකක් තිබුණා නම් කියලා හිතිලා තියෙනවාද? අන්න ඒ වගේ අයට හොඳටම ගැළපෙන දෙයක් තමයි “Backyard Studios” එහෙමත් නැත්නම් Garden Rooms කියන්නේ. සරලවම කිව්වොත්, මේක ඔබේ ගෙවත්තේ ඉඩෙන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන් සුපිරිම ක්‍රමයක්.

Backyard studio එකක් කියන්නේ ඔයාගේ නිවසේම කොටසක් වගේ වත්ත ඇතුළේ හදාගන්න පුළුවන් ලස්සන, වෙනමම කාමරයක්. ලොකු ගෙවල් හොයලා වෙන තැන්වල පදිංචියට යන්නේ නැතුව, තමන්ගේම වත්තේ අමතර ඉඩක් හදාගන්න ලැබෙන එක කොයිතරම් වාසියක්ද? හිතලා බලන්න, ඔබේම කියලා Backyard Office එකක්, Art Studio එකක්, එන අමුත්තන්ට නවතින්න කාමරයක්, නැත්නම් හවස් වරුවට නිදහසේ ඉන්න පුළුවන් පොඩි Retreat එකක් ඔබේ වත්තේම තියෙනවා නම් කොච්චර ෂෝක්ද? 

මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නේ මේ Backyard Studios ඔබේ ජීවිතයට කොයිතරම් වටිනාකමක් එකතු කරනවාද කියන එක ගැනයි. මේවායින් ගන්න පුළුවන් විවිධ ප්‍රයෝජන, මූල්‍යමය වාසි සහ ඔබේ ඉඩමේ වටිනාකම වැඩි කරගන්න මේක උදව් වෙන්නේ කොහොමද කියලා අපි බලමු. 

ඒ විතරක් නෙවෙයි, Work from Home කරන කෙනෙක්ට තමන්ගේ Productivity එක වැඩි කරගන්නත්, ගෙදර සහ වත්තේ ලස්සන තවත් වැඩි කරන්නත් මේකෙන් ලැබෙන්නේ ලොකු රුකුලක්.

ලිපිය කියවලා ඉවර වෙද්දී, ඔබත් තමන්ගේම Backyard Studio එකක් plan කරන්න පටන් ගනීවි. ඒ වගේම මේක කියෙව්වට පස්සේ ඔබේ ගෙමිදුල දිහා බලන විදිහ සහමුලින්ම වෙනස් වේවි!

 

තියන ඉඩමෙන් වැඩිපුර ප්‍රයෝජන ගන්න 

ඒ කාලේ වත්තේ කොනක තිබුණු බඩු දාන “Store room” එක මතකද? අන්න ඒ සංකල්පය දැන් ඉවරයි. අද වෙනකොට මේ Garden Rooms කියන්නේ හිතාගන්න බැරි තරම් නිර්මාණශීලී විදිහට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. ඔබට ඕනෑම දේකට ගැලපෙන විදිහට මේක හැඩගස්වන්න පුළුවන්.

 

කාගෙවත් බාධාවක් නැතුව වැඩ කරන්න ඕන නම්, මේක සුපිරි Backyard Home Office එකක් කරගන්න පුළුවන්.

යෝගා කරන්න, භාවනා කරන්න නැත්නම් පොතක් කියවන්න නිදහස් තැනක් ඕන නම්, මේක තමයි නියම නිවහන.

නෑදෑයෙක්, යාළුවෙක් ආවම නවතින්න දෙන්න  ඉඩ මදිද? ප්‍රශ්නයක් නැහැ, මේක සුවපහසු Guest room එකක් කරන්නත් පුළුවන්.

ඔබේ වත්තේ Swimming Pool එකක් තියෙනවා නම්, මේ Studio එක Pool House එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඇඳුම් මාරු කරන්න, නිදහසේ ඉඳගන්න වගේම pool එකේ බඩු දාලා තියන්නත් මේක මරු. ඒ විතරක් නෙවෙයි, තෙත පිටින් ගේ ඇතුළට ඇවිත් ගේ පුරා වතුර හලන එකත් මේකෙන් නැවතෙනවා.

ඔබේ විනෝදාංශ වලට වගේම ළමයින්ගේ වැඩවලටත් මේක ප්‍රයෝජනවත්. ඔබට හැමදාම ඕන වුණු Art Studio එක මෙතන හදාගන්න පුළුවන්. නැත්නම් Teenage වයසේ ඉන්න ඔබේ දරුවන්ට යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න, සින්දුවක් අහන්න වෙනමම Hangout Space එකක් විදිහට මේක දෙන්න පුළුවන්. නිදහස් පොතක් කියවන කාමරයක ඉඳන් සෙල්ලම් කාමරයක් (Game room) දක්වා කාලයත් එක්ක ඔබේ අවශ්‍යතා වෙනස් වෙන විදිහට මේ Garden Room එකත් වෙනස් කරගන්න පුළුවන් එක තමයි මෙතන තියෙන ලොකුම වාසිය.

 

හැමෝටම වාසි දෙන Backyard Studio එකක්

Backyard studio එකක් වෙනුවෙන් ආයෝජනය කරනවා කියන්නේ නිකන්ම කාමරයක් හදනවා වගේ වැඩක් නෙවෙයි. ඒක ඔබේ පවුලේ අවශ්‍යතා සමඟ එකට හැදෙන, වෙනස් වන නම්‍යශීලී ඉඩක් නිර්මාණය කරගැනීමක්.

අද ඒක Home Office එකක් වෙන්න පුළුවන්, හෙට Art Studio එකක් වෙන්න පුළුවන්, ලබන සතියේ Guest room එකක් වෙන්නත් පුළුවන්.

කොහොම වුණත්, මේකෙන් පවුලේ හැමෝටම මොකක්ම හරි ප්‍රයෝජනයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින්, තමන්ගේ නිවසට වටිනාකමකුත්, ජීවිතයට පහසුවකුත් එකතු කරගන්න කැමති ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන් හොඳම ආයෝජනයක් තමයි මේ Backyard Studio එකක් කියන්නේ!

මේ හැමදේටම අමතරව ඔයාට Backyard Studios එකෙන් Tax Advantages ලබාගන්නත් පුළුවන්. ඒ කොහොමද කියන එක අපි තවත් article එකකින් කතා කරමු. මේ වගේ තවත් දේවල් දැනගන්න දිගටම සන්නස Digital සමඟ එකතු වෙලා ඉන්න.

 

Don't forget to share this post!

Recent Posts