ඕස්ට්‍රේලියාවේ සිටම ශ්‍රී ලංකාවේ Driving Licence එක අලුත් කරගන්න පුළුවන්ද?

ඔයා දැනට ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෙක් හෝ ද්විත්ව පුරවැසියෙක් නම්, ඔයාගේ ලංකාවේ රියදුරු බලපත්‍රයට අදාළ සේවාවන් කිහිපයක්ම Melbourne නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා හෝ ACT හි Sri Lanka High Commission කාර්යාලය හරහා ලබාගන්න පුළුවන්.

කාර්යාලයට යන්න කලින් සහ අයදුම්පත් දාන්න කලින් ඔයා දැනගත යුතු වැදගත්ම දේවල් තමයි අපි අද article එකෙන් කතා කරන්නේ.

Driver Licence එක සම්බන්ධව ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය/ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය හරහා ලබාගත හැකි සේවාවන්:

  • රියදුරු බලපත්‍රය අලුත් කිරීම (Renewal)
  • නැතිවූ රියදුරු බලපත්‍ර වෙනුවට Duplicates ලබාගැනීම 
  • පෞද්ගලික තොරතුරු වෙනස් කිරීම 
  • රියදුරු බලපත්‍රයේ නම තහවුරු කිරීමේ ලිපි ලබාගැනීම

 

අයදුම් කරන්නේ කොහොමද? (Victoria, South Australia, Tasmania හි සිටින අයට)

මේ සේවාවන් ලබාගන්න ප්‍රධාන ක්‍රම 2ක් තියෙනවා:

 

  1. කාර්යාලයටම ගොස් අයදුම් කිරීම (Counter Applications)

රියදුරු බලපත්‍ර අලුත් කිරීමට, අනුපිටපත් ලබාගැනීමට සහ තොරතුරු වෙනස් කිරීමට අනිවාර්යයෙන්ම ඔයා කොන්සල් ජනරාල් කාර්යාලයට යා යුතුමයි.

Appointment එකක් ගැනීම අනිවාර්යයි කාර්යාලයට යන්න කලින් වෙලාවක් වෙන් කරවා ගත යුතුයි. ඕනෑම වැඩ කරන දිනයක උදේ 9.30 ත් දවල් 1.30 ත් අතර කාලය තුළ මේ සඳහා වේලාවන් වෙන් කරගන්න පුළුවන්. නිවාඩු දින ගැන දැනගන්න කොන්සල් ජනරාල් කාර්යාලයේ website එක බලන්න.

Biometrics (ඇඟිලි සලකුණු): අයදුම්පත භාර දෙන වෙලාවේදී නිලධාරියෙකු ඉදිරියේ ඔයාගේ ඇඟිලි සලකුණු (Fingerprints) ලබාදීම අනිවාර්ය වෙනවා.

මුල් Licence එක: ඔයාගේ Licence එක නැතිවෙලා නැත්නම්, අයදුම්පත දෙන වෙලාවට original Driver Licence එක කවුන්ටරයට පෙන්විය යුතුයි. එය පරීක්ෂා කරලා ඔයාට ආපහු දෙනවා. හැබැයි අලුත් Licence එක ගන්න එනකොට පරණ එක අවලංගු කරන්න ආයෙත් භාරදෙන්න සිද්ධ වෙනවා.

 

  1. තැපැල් මඟින් අයදුම් කිරීම (Postal Applications)

තැපෑලෙන් එවන්න පුළුවන් රියදුරු බලපත්‍ර තහවුරු කිරීමේ ලිපි (Driver Licence Verifications) සඳහා වන අයදුම්පත් විතරයි. මේවා කවුන්ටරයට ඇවිත් බාරදෙන්නත් පුළුවන්.

ලියකියවිලි සහතික කිරීම: තැපෑලෙන් එවන්න කලින්, අදාළ ලියකියවිලි සියල්ල සාමදාන විනිසුරුවරයෙක් (Justice of the Peace), නීතිඥයෙක්, වෛද්‍යවරයෙක් හෝ Pharmacist කෙනෙක්ගේ නිල මුද්‍රාව සහිතව සහතික කරවා ගත යුතුය.

විස්තර ඇතුළත් කිරීම: ඔයාගේ ඉල්ලීම් ලිපියේ ඔයාගේ දුරකථන අංකය, email ලිපිනය සහ තැපැල් ලිපිනය පැහැදිලිව සඳහන් කරන්න අමතක කරන්න එපා.

 

South Australia ඉන්න අයට විශේෂ පහසුකමක්!

ඔයා ඉන්නේ Adelaide හෝ South Australia වල වෙනත් ඕනෑම ප්‍රදේශයක නම්, Licence වැඩකට Melbourne එන්නම ඕනේ නැහැ. ඉහත සඳහන් කරපු සේවාවන් සඳහා වන අයදුම්පත් Adelaide හි Honorary Consul of Sri Lanka ලවා සහතික කරවාගෙන, තැපැල් මාර්ගයෙන් Melbourne කාර්යාලය වෙත එවන්න ඔයාට අවස්ථාව තියෙනවා.

 

අපි මේ කතා කළේ Victoria, South Australia, Tasmania හි සිටින අයට Melbourne කොන්සල් ජනරාල් කාර්යාලය හරහා ලබාගත හැකි සේවාවන් ගැන.

Western Australia (WA), Northern Territory (NT), Australian Capital Territory (ACT), New South Wales, Queensland, New Zealand, Papua New Guinea, Fiji, Vanuatu, Solomon Islands and Samoa සිටින අයට මේ සේවාවන් ACT හි Sri Lanka High Commission හරහා ලබාගන්න පුළුවන්.

මෙහිදීත් පෙ.ව. 9.30 සිට ප.ව. 1.30 දක්වා අතර Consular hours වල ගිහින් counter එකෙන් apply කරන්න වගේම තැපෑලෙන් apply කරන්නත් පුළුවන්. තැපෑලෙන් අයදුම් කරනවානම් consular.canberra@mfa.gov.lk වෙත application එක ඉල්ලලා request එකක් යැවිය යුතුයි.

මෙහිදී අනුගමනය කල යුතු පියවර අදාළ ගාස්තු ආදී සියලුම දේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන් 👇
https://www.slhcaust.org/issuance-of-driving-license-to-sri-lankans-abroad/

Don't forget to share this post!

Recent Posts