Backyard Studio එකක් කියන්නේ ඔයාගේ ගෙදරට ලස්සනක් සහ අමතර ඉඩකඩක් විතරක් එකතු කරන දෙයක් නෙවෙයි. ඒක ඔයාගේ Property එකේ වටිනාකම එකපාරටම ඉහළ දාන්න පුළුවන් සුපිරි Investment එකක්. අපි කලින් articles වලින් කතා කළා Backyard Studio එකක් කොහොමද versatile විදිහට හදාගන්නේ කියන එක සහ Backyard Studio එකක් කොහොමද ඔයාට Tax Advantages ලබාගන්න උදව් වෙන්නේ කියන එක. අද අපි කතා කරන්නේ Backyard Studio එකක් කොහොමද ඔයාගේ නිවසේ Property Value එක වැඩි කරගන්නේ කියන එක.
විශේෂයෙන්ම Work from home කරන, එහෙමත් නැත්නම් තමන්ගේම විනෝදාංශයකට හෝ වැඩකට වෙනම ඉඩක් හොයන අයට මෙහෙම ලස්සනට හදපු Backyard Studio එකක් තියෙන ගෙයක් කියන්නේ අද Market එකේ තියෙන හොඳම option එකක්!
Square Footage එක වැඩි වී, Value එක Up වෙන හැටි!
ගෙදර වත්තේ පිටිපස්සේ මේ වගේ Studio එකක් හදනවා කියන්නේ සරලවම ඔයාගේ ගෙදරට තවත් අමතර කාමරයක් එකතු වෙනවා කියන එකයි. මෙයින් ඔයාගේ Property එකේ මුළු වර්ග ප්‍රමාණය වගේම ඒකේ මූල්‍යමය වටිනාකමත් ඉහළ යනවා.
Real Estate Agents ලා වුණත් මෙහෙම Garden Room එකක් තියෙන ගෙයක් Sell කරද්දී ඒක ලොකුවට Highlight කරලා පෙන්වනවා. Home Office එකක්, Guest Room එකක් එහෙමත් නැත්නම් තමන්ගේ Art / Hobby Space එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නිසා Buyers ලා මේවට ගොඩක් කැමතියි.
Pool Area එකටත් මරු!
ඔයාගේ ගෙදර Pool එකක් තියෙනවා නම්, Poolside Studio එකක් කියන්නේ Perfect එකතුවක්.
Pool එක ළඟින්ම ඇඳුම් මාරු කරන්න, Swimming වලින් පස්සේ නිදහසේ Relax වෙන්න, නැත්නම් යහළුවන් එක්ක Party එකක් දාන වෙලාවට Entertain කරන්න මේක භාවිතා කරන්න පුළුවන්. ගෙයක් ගන්න බලන කෙනෙක්ට මේ වගේ දෙයක් දැක්කම ඒ ගෙදරට තියෙන කැමැත්ත අනිවාර්යයෙන්ම දෙගුණ තෙගුණ වෙනවා.
දාන ගාණට වඩා වැඩි ගාණකට Sell කරන්න පුළුවන් Guaranteed Investment එකක්!
ගෙදර විකුණන්න වෙන වෙලාවකදී, මේ වගේ ලස්සන Backyard Studio එකක් තියෙන එක Market එකේ අනිත් Properties පරද්දලා ඉස්සරහට එන්න ඔයාට ලොකු Advantage එකක් වෙනවා. Versatile විදිහට හදපු Studio එකක් දැක්කම Buyers ලා අතර තියෙන Demand එක වැඩි වෙන නිසා, ඔයා හිතනවාටත් වඩා හොඳ Price එකකට ගෙදර දෙන්න පුළුවන් වෙනවා.
සරලවම කිව්වොත්, අද ඔයා Backyard Studio එකකට කරන වියදම ගෙදර Sell කරද්දී ඒ වගේ කිහිප ගුණයකින් cover කරගන්න පුළුවන්.
ඔයාගේ ඉඩමේත් මේ වගේ දෙයකට ඉඩක් තියෙනවානම් ඒ ගැන අදම හිතලා බලන්න. Backyard Studio වගේම Converted Garages, Granny Flats වැනි ඔයාට ගැලපෙන විදිහට තෝරාගන්න පුළුවන් options ගොඩක් ගැන අපි කතා කරලා තියෙනවා.
ඉතින්, දැනට මේ Studio එකෙන් ලැබෙන Extra Space එක සහ පහසුව උපරිමයෙන් enjoy කරන ගමන්ම, මතක තියාගන්න ඒක ඔයාගේ නිවසේ වටිනාකම වැඩිකරන සුපිරි Investment එකක් බව!