Tasmanian Skilled Migration program එකේ 2026-27 අලුත්ම updates ටිකක් ඇවිත් තියෙනවා.
ඔබත් ටැස්මේනියා වීසා එකකට try කරන කෙනෙක් නම්, මේ වෙනස්කම් ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙයි.
Program එක open වෙන්නේ කවදද?
අලුත් ROIs (Registrations of Interest) භාරගන්න පටන් ගන්නේ 2026 අගෝස්තු 17 වනදා ඉඳන්. අයදුම් කරන වෙබ් අඩවියේ domain එක දැන් https://apply.migration.tas.gov.au විදිහට වෙනස් කරලා තියෙනවා.
Allocations ලැබිලා තියෙන්නේ කොහොමද?
මෙවර ටැස්මේනියාවට nomination allocations 2,050ක් ලැබිලා තියෙනවා:
Subclass 190 සඳහා: 1,250ක්
Subclass 491 සඳහා: 800ක්
Invitations එන්නේ කොහොමද?
අගෝස්තු 20 බ්‍රහස්පතින්දා ඉඳන් හැම සතියකම invitations යවන්න පටන් ගන්නවා. සතියෙන් සතිය කී දෙනෙක්ට invite කළාද, අවම ලකුණු කීයද වගේ විස්තර එයාලගේ වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්.
ප්‍රධාන වෙනස්කම් මොනවද?
වැඩ කළ කාලයට වැඩි සැලකිල්ලක්: ටැස්මේනියාවේ රැකියාවක නිරත වෙලා හිටපු කාල සීමාව මත ලකුණු දෙන ක්‍රමය ටිකක් වෙනස් කරලා, දිගු කාලයක් වැඩ කරපු අයට වැඩි වාසියක් වන විදිහට හදලා තියෙනවා.
TSE Gold වෙනස්කම්: TSE Gold කියන එකට සුදුසුකම් ලබන්න නම්, දැන් අඩුම තරමින් එක ජොබ් එකක සතිපතා පැය 30ක්වත් වැඩ කරලා තියෙන්න ඕනේ.
අයදුම් ගාස්තු වැඩිවීම: nomination අයදුම්පතක් දාන ගාස්තුව $387 (GST සමඟ $425.70ක්) දක්වා වැඩි වෙලා තියෙනවා. හැබැයි ROI එකක් දාන්න නම් කිසිම ගාස්තුවක් යන්නේ නැහැ.
පැරණි ROI ගැන උපදෙසක්: ඔබ මාස 6ක් ඇතුළත ROI එකක් දාලා තියෙනවා නම්, මේ අලුත් වෙනස්කම් එක්ක ඒක withdraw කරලා අලුතින් එකක් දාන එක සමහර විට ඔයාගේ chance එක වැඩි කරගන්න උදව් වෙයි. ඒ නිසා ඒ ගැනත් හොයලා බලන්න.
Overseas අයදුම්කරුවන්ට විශේෂ පණිවිඩයක්
ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපත්ති නිසා, Subclass 491 (Overseas Skilled Occupation Profiles) යටතේ පිටරට ඉඳන් දාන අයැදුම්කරුවන්ට නම් මේ වසරේ invitations නිකුත් කරන්නේ නැහැ.
හැබැයි, ටැස්මේනියාවේ සෞඛ්‍ය (Health) හෝ අධ්‍යාපන (Education) ක්ෂේත්‍රයේ job එකක් හොයාගන්න අයෙක්ට නම් Subclass 190 (Health or Education Sector Job Offer Pathway) හරහා තවමත් අයදුම් කරන්න පුළුවන්.
Online Webinar එකක්
මේ හැම වෙනසක් ගැනම පැහැදිලිව දැනගන්න පුළුවන් Webinar එකක් තියෙනවා.
කවදද?
අගෝස්තු 13 බ්‍රහස්පතින්දා උදේ 11:00 සිට 12:00 දක්වා (AEST වේලාවෙන්)
විශේෂත්වය වෙන්නේ මේකට කලින් register වෙන්න ඕනෙත් නැහැ, පහත link හරහා ලේසියෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන්.