Sydney වල Iconic Olympic Pool එක අවුරුදු 5කින් යළි විවෘතයි! Free Entry ලබාගන්නේ කොහොමද?

බොහෝ දෙනෙකුගේ කතාබහට හා විවාදයට ලක්වුණු සිඩිනි නගරයේ ප්‍රසිද්ධ North Sydney Olympic Pool එක දින 1,986 ක දිගු බලාපොරොත්තුවකින් පසු අවසානයේ යළි විවෘත කර තිබෙනවා.

Harbour Bridge එක සහ Luna Park එක අතර Milsons Point හි පිහිටි මෙම ඓතිහාසික තටාකය ප්‍රථම වරට විවෘත කළේ 1936 අප්‍රේල් මාසයේදියි. 2021 පෙබරවාරි මාසයේදී වසා දැමුණු මෙය 2022 දී යළි විවෘත කිරීමට නියමිතව තිබුණා.

නමුත් විවිධ නීතිමය ගැටලු, උරුමයන් සුරක්ෂිත කිරීමේ අභියෝග සහ වියදම් ඉහළ යාම වැනි හේතු නිසා වසර පහක දැවැන්ත කාලයකට පසු, එහි මුළු වියදම ඩොලර් මිලියන 122 ක් දක්වා ඉහළ ගිය අතර, අවසානයේ එහි 90 වැනි සංවත්සරය සමරමින් නොමිලේ ඇතුළුවිය හැකි සති අන්තයක් ද සමඟින් එය යළි ජනතාවට හිමි වී තිබෙනවා.

 

දැන් එහි ඇති අලුත් පහසුකම් මොනවද?

  • පැමිණෙන ජනතාවට දැන් පහත සඳහන් දේවල්වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්:
  • උණුසුම් ජලය සහිත මීටර් 50 ක එළිමහන් තටාකයක්
  • මීටර් 25 ක ගෘහස්ථ lap pool එකක් සහ program pool එකක් 
  • ළමුන් සඳහා splash pad සහ water play area එකක් 
  • වයස අවුරුදු 16 සහ ඉහළ අයට Spa, Sauna සහ steam room facilities

මීට අමතරව, grandstand kiosk එක සිකුරාදා සවස විවෘත කළ අතර, සති අන්තය පුරා gelato බාර් එකකුත් ක්‍රියාත්මක වෙනවා. gym, group fitness studio, reformer pilates studio, swim school, creche සහ cafe එකක් ද මෙහි අඩංගුයි. කෙසේ වෙතත්, gym එක සහ pilates studio එක වැනි සමහර කොටස් සඳුදා දින දක්වා විවෘත වන්නේ නැහැ.

 

ආරම්භක සති අන්තයේ විශේෂ නීති

විවෘත කරන සති අන්තය තුළ නොමිලේ ඇතුළුවීමට අවස්ථාව ලබා දී ඇති නිසා වැඩි පිරිසක් අපේක්ෂා කරන බව නගර සභාව පවසනවා.

පූර්ව වෙන්කරවා ගැනීම් අවශ්‍ය නැහැ. ඇතුළුවීම සිදුවන්නේ first come, first served basis එකට. ඒ නිසා සෙනඟ වැඩි වුණොත් මඳක් රැඳී සිටීමට සිදු වෙන්න පුළුවන්.

හැකි තරම් පිරිසකට පහසුකම් ලබාගැනීමට හැකි වන පරිදි, එක් වරකට පැයක් පමණක් රැඳී සිටින ලෙස නගර සභාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

අතීත මතක සහ විශේෂාංග

මෙම දැවැන්ත ව්‍යාපෘතිය, ප්‍රාදේශීය නගර සභාවලට මෙවැනි විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති අවශ්‍යද යන්න ගැනත් සමාජයේ ලොකු කතාබහක් ඇති කළා.

කෙසේ වෙතත්, මෙහි පැරණි උරුමයන් රැක ගැනීමටත් නගර සභාව අමතක කර නැහැ. වරාය දෙසට ඇති නැගෙනහිර පැත්තේ තාප්පය, sundeck එක සහ නැගෙනහිර stair tower එක ඉතා අලංකාර ලෙස ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඇතුළත බිත්තිවල Dawn Fraser, Shane Gould සහ Murray Rose වැනි ප්‍රසිද්ධ පිහිනුම් ශූරයන්ගේ ඓතිහාසික ඡායාරූප ප්‍රදර්ශනය කෙරෙන විශේෂ ඇවිදින මංපතක්ද නිර්මාණය කර තිබෙනවා.

තවත් විශේෂිත කරුණක් නම්, change rooms වල underfloor heating සහ swimsuit dryers යෙදීමයි. එසේම, නැගෙනහිර තාප්පයේ තිබූ ගෙම්බන්ගේ රූප ආභාෂයෙන්, එළිමහන් තටාකයේ ටයිල් අතර පිත්තල ගෙම්බාගේ මෝස්තර අතුළත් කර තිබෙනවා. ඒ සඳහා පමණක් ඩොලර් 42,000 ක් පමණ වැය වී ඇති බව සඳහන්.

එළිමහන් තටාකය පුරවා ඇත්තේ සිඩ්නි වරායෙන් ලබාගත් පිරිපහදු කළ මුහුදු ජලයෙන්. සති අන්තය සැමරීම සඳහා face painting, roving entertainment සහ raffle draws ආදියද සංවිධානය කර තිබෙනවා.

“මෙය මුළු ප්‍රජාවටම එකතු වී සමරන උත්සවයක්. පැරණි තටාකය පාවිච්චි කළ අය, ප්‍රදේශයේ ජීවත් වෙන පවුල්, fitness fans ලා හෝ මේ අපූරු වරාය සන්ධිස්ථානය දැක බලා ගැනීමට කුතුහලයෙන් පසුවෙන ඕනෑම කෙනෙක් මේ 90 වැනි සංවත්සරයට සාදරයෙන් පිළිගන්නවා” යැයි නගර සභාව පවසනවා.

 

සඳුදා සිට සාමාන්‍ය ප්‍රවේශ ගාස්තු 

  1. වැඩිහිටියන්ට: $11
  2. වයස අවුරුදු 3 ත් 15 ත් අතර දරුවන්ට: $8.80
  3. concession holders: $8.25

 

Image credit: www.news.com.au

Don't forget to share this post!

Recent Posts